යහපාලනය වෙනුවෙන් කටයුතු කළ රාජ්‍ය නිලධාරින්ගේ ජිවිත අනතුරේ! විපක්ෂය තනතුරුවලට පොරකයි !

0
111

FB_IMG_15744354382732015 න් ඇරඹි රජයේ යහපාලන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් ඊට කලින් පැවැති කළු පාලන සමයේ සිදුකරන්නට යෙදුන පැහැර ගැනිම්,ඝාතන පිළිබදව සිය රාජකාරිය අකුරට ක්‍රියාත්මක කරමින් මහත් වෙහෙසක් දරා මිනිමරු චෝදනා සහිත වුන් අධිකරණය හමුවට ගෙන ඒමට කටයුතු කළ පොලිසියේ ඇතැම් නිළධාරින්ගේ ජිවිත අද වන විට මහත් අවධානමකට ලක්ව තිබේ.
ඇතමෙකුට අවසර නොගෙනම රටහැර යන තැනකට දැන් කටයුතු සිදුවෙමින් තිබේ.
ඉතිරි පිරිසට ජිවිත අවධානමත් රැකියාවේ සුරක්ෂිත බවේ ඇති ගැටළු සියල්ලත් සමගින් අනාරක්ෂිත වන්නට සිදුව තිබේ.
තතු මෙසේ වර්ධනය වෙමින් තිබියදි නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස ඇතුළු පිළ මේ වන රට මුුහුණ දි සිටින මේ බරපතල ප්‍රජාතන්ත්‍ර විරෝධි වර්ධනයන් හමුවේ පක්ෂයේ නායකත්ව පොරයක එල්ලි සිටිති.
සජිත් ප්‍රේමදාස දිනවිම සදහා සිය ජිවිත අවධානම් පවා නොතකා ගෝඨාබය රාජපක්ෂට එරෙහිව දැවැන්ත විරෝධයක් සිය ඡන්දය හරහා ප්‍රකාශ කළ උතුරු නැගෙනහිර ජනයා සජිත් පිළේ මේ බලතන්හාව ගැන සැබැවින්ම ලැජ්ජාවට පත්ව සිටිති.
යුද සමයේ දමිල ජනයා හට මෙන්ම මාධ්‍යවේදින්ට සිදුවු මර්ධනයන් පිළිබදව අදාල චුදිතයන් අධිකරණය හමුවට ගෙන ඒමට කටයුතු කළ ශානි අබේසේකර නිශාන්ත ද සිල්වා වැනි අය අවධානක සිටියදි විපක්ෂය කරන්නේ කුමක්දැයි දමිළ ජනයා ප්‍රශ්ණ කර සිටිති.
දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක යාපනය පාර්ලිමේන්තු මන්ත්‍රි එම් සුමන්තිරන් මේ පිළිබදව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විමසා සිටියේ විපක්ෂය කෝ යැයි කියාය.
නායකයකන් බිහිවන්නේ අරගලය තුලනි.
ප්‍රජාතන්ත්‍රවාදයේ ගෙල මිරිකන විට ඉදිරියට පැමිණ ප්‍රජාතන්ත්‍රවාදය රකින්නට පෙරමුණු ගන්නා සැබැවින්ම නායකයෙකි.
ඒ අරුතින් ගත් කළ සජිත් ප්‍රේමදාස දැනටමත් අසමත්ය..
පසුගිය ඔක්තෝබර් 26 න් ඇරඹි දින 52 දෙකේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා වු අරගලයේදි සජිත් ප්‍රේමදාසට සිය නායකත්වයේ ගුණාංග කිසිලෙසකින් වත් පෙන්වා ගැනිමට නොහැකි විය.
එහෙත් රනිල් වික්‍රමසිංහ සියළු අභියෝග තර්ජන මැද අරලිය ගහ මැදුරෙන් ඉවත්ව නොයා එය රැකගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය යළි මේ රට තුල ස්ථාපිත කිරිම කිරිම සදහා මතුව ආ දැවැන්ත අරගලයට නායකත්වය දෙමින් සිය නායකයකත්වය යළිත් වරක් මේ දේශපාලන පොළව තුල සනිටුහන් කළේය.
2009 වසරේදි ලසන්ත ඝාතනය කරමින් උතුර මර්ධනය කරමින් රටපුරා මුදා හල මර්ධනිය රාජපක්ෂ පාලනය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනිම සදහා සිවිල් ක්‍රියාකාරින් වෘත්තිය සමිති,දේශපාලන පක්ෂ .මාධ්‍යවේදින් පෙරට එමින් ගොඩනැගු නිදහසේ වේදිකාවට සිය දේශපාලන හයිය දෙන්නටද ඒ දා රනිල් වික්‍රමසිංහ පෙරමුණ ගත්තේය.සජිත් ප්‍රේමදාස නිදහසේ වේදිකාවේ ප්‍රජාතන්ත්‍රවාදි අරගලයට සහය දිම කෙසේ වෙතත් එය හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවැත්විමට පවා විවිධ බාධා එල්ල කරන්නට විය.
දැන් සිය ලක්ෂ 55 ක ඡන්දයක් ලබාගත් සජිත් ප්‍රේමදාස ඒ හයියද යොදා මේ මතු ව එන ප්‍රජාතන්ත්‍ර විරෝධි අර්බුදයට දේශපාලන නායකත්වයක් දෙනවා වෙනුවට විපක්ෂ  නායකකමට මෙන්ම පක්ෂ නායකත්වයට බලලෝභි ලෙසින් සිය ගිජුකම පමණක් පෙන්වා දි හමාරය.
ඉතින් සජිත් නායකයෙකු වන්නේ කෙසේද ?