යහපාලන ආප්පයට මීගමුවෙන් අභියෝගයක්

0
126

hoppersයහපාලන ආණ්ඩුව මහින්ද පාලනය පෙරලා දැමිමේ ජාතික සංකේතයක් බදු වු ආප්පයේ මිළට පාලනයක් ගෙන එමින් එය රු 10 කට අලෙවි කළ යුතු බව කිවේය.
මේ සම්බන්ධයෙන් මෑතකදි අපට මීගමුවේදි  හමුවු ආප්ප නිෂ්පාදකයෙකු  මේ මිළ සම්බන්ධයෙන් මෙවන් අභියෝගයක්  ඉදිරිපත් කළේය.
”යහපාලන ආණ්ඩුවේ රුපියල් 10 ආප්ප කථාව හරියට පහුගිය ආණ්ඩුවේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයාගේ  ඉදිආප්ප කථාව වගේ . පිටි කිලෝ එකක්  රා බෝතලයක් ගෑස් සහ ලුුණු මිරිස් මේ සියල්ලටම වියදම් ගියාම ආප්පයක් ඇත්තටම රු 10 කට දෙන්න බෑ.
ඒ කියන්නේ රා භාවිතා කරල ප්‍රමිතියකට ආප්පයක් දෙන්න බැ. ප්‍රමිතිය බල්ලට දාල ඊස්ට් සහ තවත් ප්‍රමිති නැති දෙවල් දාල ආප්ප හදන අයට නම් මේ ගැන අවුලක් නැතිව ඇති.
ආණ්ඩුව මේ වගේ දේවල් ගැන හරිහැටි හොයල නොබලා මේ කියන දේවල් වලින්  නොකියා කියවෙන්නේ ප්‍රමිති බල්ලට දාල හරි ප්‍රමාණය පොඩි කරල හරි රු 10 කට ආප්පයක් දිපල්ලා කියන එක .
ඒව කන්නේ එයාල  නෙමෙනේ.  ඡන්දේ දුන්න මහජනයානේ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here