යහපාලන ඇමතිවරයෙකු ලෙස විසදුවේ නැති මිගමුවේ ප්‍රශ්ණ ගැන ඇමති ලංසාට දැන් ලොකු උනන්දුවක් ?

0
86

පිටිපන 10ඇමති නිමල් ලංසා විසින් මේ දිනවල ගෙන යන ප්‍රචාරයන් දෙස බැලු විට පෙනි යන්නේ ඔහු ඉපිද ඇත්තේම මිගමු ජනයාගේ සකල විද ප්‍රශ්ණ වලට නොකා නොබි දිනපතා පැය 24 ම මහන්සි වෙන්නට පැමිණි අයෙකු ලෙසින්ය.
එහෙත් ඔහුගේ මේ කපටි දේශපාලන කඩිමුඩිය ගැන චෝදනා එල්ල කරන පොහොට්ටුවේම ඇතැම් ජේෂ්ඨයන් කියා සිටින්නේ ඇමති ලංසා යහපාලන රජය යටතේ වසර තුනාමාරක කාලයක් ඇමතිවරයෙකු ලෙසින් සිටි බව නිමල් ලංසාටම දැන් අමතක වි ඇති බවකි.
එපමණක් නොව පසුගිය දශකයකටත් වැඩි කාලයක් රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් වැයකරමින් කරන්නට යෙදුන බොහොමයක් සංවර්ධන ව්‍යාපෘති රැසක් සැබැවින්ම සුදු අලිය.ඉන් සිදුව ඇති එකම සෙත නම් ලංසා ඇතුලු ගෝලබාලයන්ගේ අතමිට සරුවිම පමණි.
එය සැබැවින්ම ඇත්ත යැයි මේ ගැන මිපුරට අදහස් දැක්වු මිගමුවේ පුරවැසියන් පිරිසක්ද අවධාරණය කර සිටියේය.
මිගමුවේ පාරවල් කොන්ක්‍රිට් කිරිම් වල සිට ඉඩම් සදහා ඔප්පු පිළිබද ප්‍රශ්ණය දැන් දශක ගාණක් තිස්සේ නොවිසදුන ප්‍රශ්ණයන්ය. ඇමති ලංසාද ඉද හිට සිය පවුල බලන්නට ඕස්ට්‍රේලියාවට ගියද අනික් කාල වලදි සිටියේ මිගමුවේය.
එහෙත් දැන් වගේ දේශපාලන කඩිකුලප්පුවක් ඒ කාලේ නම් ඔහුට නොතිබුණි.
පාර්ලිමේන්තුවට රිංගා ගැනිමට ඇති දොරටුව දැන් නිමල් ලංසා වෙත එන්න එන්නම පටු වෙමින් තිබේ.
මේ කඩිකුලප්පුව ඒ නිසා මිස ජනතාවට ඇති ආදරය නිසා නම් නොවන බව ඉතා හොදින් තේරුම් ගන්නට මිගමුවේ ඡන්ද දායකයා හොද හැටි බුද්ධිමත්ය.
2015 දි  ඇමති ලංසාගේ බෙදු බඩු සියල්ල තුටින් භාරගෙන හංසයා ඉදිරියේ කතිරය ගසා ලංසලාව වැඩි ඡන්ද 32000 කින්ද පැරදුවේදි ඒ බුද්ධිමත් ඡන්දදායකයාමය.