යහපාලන ඇමති මීගමුවෙන් තවත් හෝටලයක් මිළට ගනියි ?

0
111

wm1මහින්ද රාජපක්ෂ සමයේ ප්‍රකෝටිපතියන් ලෙසින් මුදල් හම්බකරගත් වත්මන් යහපාලන රජයේ නියෝජ්‍ය ඇමතිකමක් දරන පුද්ගලයෙක් මීගමුවේ සංවාරක පුරයෙන් තවත් හෝටලයක් මිලට ගෙන ඇතැයි වාර්ථා වේ.
වින්ඩ්මිල් නම් වු මෙම හෝටලය කාමර 25 කින් යුක්ත වුවකි.
සුපුරුදු පරිදි මෙම හෝටලයද මිලට ගෙන ඇත්තේ රාජපක්ෂ සමයේ බොරළු සැපුයම්කරුවකු ලෙසින් කෝටිපතියෙකු වු පුද්ගලයෙකු නමටය.මේ තැනැත්තා අදාල නියෝජ්‍ය ඇමතිවරයාගේ දේපල ප්‍රකාශිත ගැනුම්කරුවාය.
මෙම හෝටලය රු කෝටි 19 කට මිළට ගෙන ඇතැයි සැලය.
මෙම ගණුදෙනුව පසුගිය සිකුරාදා දිනයේ සිදුව ඇතැයි අපගේ අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වා සිටි.
මීට මාස දෙකකට පෙර රුපියල් කෝටි 48 කට මේ ඇමතිවරයා විසින්ම වයිට් රෝස් නමින් වු හෝටලයක්ද මිලට ගෙන තිබුණි.එහිද ප්‍රකාශිත ගැනුම්කරුවා වුයේද  මේ බොරළු සැපයුම්කරුමය.
මේ අතර කුරණ ප්‍රදේශයේ පිහිටි අති සුපිරි හෝටලයක් සහ උත්සව ශාලාවද මෙම ඇමතිවරයාගේම බුදලයක් බව කුරණ ගම්වැසියන් විසින් ප්‍රසිද්ධියේ කියා සිටියේ එකි හෝටලය විසින් පසුගිය දිනවල මුළු කුරණ ග්‍රාමයටම ඩෙංගු බෝකළා යැයි කියන චෝදනාව පදනම්කරගෙන පැවැති උද්ඝෝෂණයකදිය.