යාගික මීනිමැරුම් වැඩිවෙලා..?

0
77

crimes-rituels-Gabonලිබර්විල් (Libreville) හි අගනුවර වන ගැබොන් (Gabon) මුහුදු තීරයෙන් අංගඡේදනයට ලක්වූ දැරියකගේ මළ සිරැරක් හමුවීම විශේෂයෙන්ම මධ්‍යම අප්‍රිකානු රටවල  මිත්‍යා විශ්වාස මත යාග සඳහා සිදුවන මිනී මැරැම් පිලිබඳ එලිදරව්වක් බවට පත්වුනා. ගැබොන් හි සිදුවන මෙම යාගික මිනීමැරැම් වලට මූලිකව හේතුව වන්නේ ජීවත් වන පුද්ගලයෙකුගේ ඉන්ද්‍රීයන් තවත් පුද්ගලයෙකුට ශක්තිය ලබා ගැනීමට උපකාරි වන බවට ඔවුන් තුල පවතින විශ්වාසයයි.

මාර්තු 19වැනි දින හමුවූ මෙම දැරියගේ මළසිරැර යාගික මිනීමැරැමක ගොදුරක් බවට ස්ථීරවම ප්‍රකාශ කල නොහැකි වූවත් මෙවැනි සිදුවීම් රට තුල  සිදුවන බවට එරට ජනතාවගේ සිත්තුල භීතියක් ඇති කිරීමට එම සිද්ධිය හේතු වී තිබෙනවා.මෙම වසරේගෙවී ගිය කාල සීමාව තුල මේ හේතුව මත වාර්ථා වී ඇති මරණ ගණන 20ක් පමණ වනවා.

පසුගිය අප්‍රේල් 13වන දින මෙම මිනීමැරැම් වලට එරෙහිව උද්ඝෝශණයක් සංවිධානය කිරීමට දැරෑ උත්සාහයක් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය විසින් වළක්වාලනු ලැබුවා.මේ හේතූන් නිසා එරට ජනතාව පවසන්නේ මෙමඟින් ඇති වන විපාක නොසලකා හරිමින් එරට රජය මෙම මිනීමැරැම් වලට ඉඩ දී ඇති බවයි. එලෙසම ප්‍රංශයේ සහ කැනඩාවේ ජීවත් වන මෙරට වැසියන්ද උද්ඝෝෂණ සංවිධානය කරමින් මෙම තත්වය පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කිරීමට උත්සහ දරමින් සිටිනවා. තවද චාරිත්‍රමය අපරාධ වැළැක්වීමේ සංවිධානයක් විසින් මේ සම්බන්ධයෙන් සාමකාමී පාගමනක්ද මැයි මස 11 වැනිදා සංවිධානය කර තිබුනා.

මෙම ප්‍රශ්ණය එරට ජනතාවට නව අත්දැකීමක් නොවේ.එරට ලැම්බෙරේනේ(Lambaréné) නගරයේද විශාල විරෝධතාවන් මෙම සිද්ධීන් සම්බන්දව පසුගිය ජනවාරි මසයේදී  පැවැත්වුනා.විශේෂම කරැණ වන්නේ පසුගිය වසර 22 පුරාවටම එරට සිදුවූ මෙම චාරිත්‍රමය (යාගික)මිනීමැරැම් වලට අදාල  සියලුම නිදර්ශන පිළිබඳව පරීක්ෂණ කිරීමට එරට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නිරීක්ෂණාගාරය විසින් පසුගිය වසරේ මැයි මස සිටම කොමිසමක් පත් කර තිබීමයි.එලෙසම එමඟින්ම මෙවැනි අපරාධයන් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ලෙසද ඔවුන් හඳුනාගෙන තිබෙනවා.

ප්‍රංශ පුවත්පතක් වන ලෙ  මොන්ඩේ (Le Monde)හි මාධ්‍යවේදියෙක් වන ඔලිවර් හර්විඇක්ස් (Olivier Herviaux) ගේ අදහසට අනුව පසුගිය වසර කිහිපය පුරාම ගැබොන් හි සිදුවන මෙම චාරිත්‍රමය මිනීමැරැම් පිළිබද පුවත් දෛනිකව මුල් පිටුවේ පුවත් බවට පත් වී තිබෙනවා.එලෙසම මෙවැනි ක්‍රියාකාරකම් දැඩි ලෙස දෝෂාරෝපනයට ලක් කරමින් ඔහු ප්‍රකාශ කර සිටින්නේ අප්‍රිකාව ඇතුළු ලෝකය පුරා ඕනෑම මනුෂ්‍ය සමාජයක  සිදුවන මෙවැනි ක්‍රියාකාරකම් අසභ්‍යත්වයේ උපරිම ක්‍රියාකාරීත්වයක් බවයි.

සටහන- මිතිලායා ගමගේ
(ග්ලෝබල් වොයිස් ඇසුරිනි)