යාපනය කතෝලික රදගුරුවසමේ යුක්තිය හා සාමය පිලිබඳ කාර්යාංශය අතිගරු මැල්කම් රංජිත් හිමිපාණන් වෙත යවන ලද විවෘත ලිපිය)

0
71

2012-03-10

අතිගරු මැල්කම් රංජිත් කාදිනල්තුමා,

අග‍්‍රරාජගුරුප‍්‍රසාදිතුමා,

කොළඹ.

 

අග‍්‍රරාජගුරුප‍්‍රසාදීන්වහන්ස

සභා නායකත්වය

 

රෝමානු කතෝලික සභාවේ යාපනය රදගුරු වසමේ සමස්ත ගිහි පූජක ජනතාව නියෝජනය කරන අපි, ඔබවහන්සේද, ඔබවහන්සේගේ අගරදගුරු වසමේ වෙනත් අංශද උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ දේශපාලන ගැටලූ විසඳීම අරඹයා වත්මන් රජයේ ක‍්‍රියාකාරිත්වය හා කළමණාකාරිත්වය පිළිබඳව නිකුත් කරන ප‍්‍රකාශනයන් පිළිබඳව අතිශයින් කණස්සල්ලට පත්වී සිටිමු.

පසුගිය දිනෙක ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලද නත්තල් සාදයේදී ඔබවහන්සේ කරන ලද කථාවෙන් අනතුරුවද මෙවන් ලිපියක් මගින් ඔබ වහන්සේ අමතන්නට අප තුළ සුවිශාල පෙළඹවීමක් ඇති වී තිබිණි. තෙරේසාමව්තුමියගේ නිකාගේ ගරු ප‍්‍රියා කන්‍යා සොහොයුරියව නින්දිත දේශපාලන අරමුණු මත අත්අඩංගුවට ගැනීමත් සමඟම ඔබවහන්සේ ඉතා නිවැරදි ලෙස ඊට විරෝධය පළ කරමින් නත්තල වෙනුවෙන් පැවැත්වෙන සියලූ රාජ්‍ය උත්සව වලට සහභාගීවීමෙන් වලකින බවට ප‍්‍රතිඥා දුන්නහුය. රජයේ මෙම කණගාටුදායක හා නින්දිත ක‍්‍රියාවෙන් පසු, ඔබවහන්සේගේ නත්තල් පණිවුඩය අදාල තේමාවට සීමා කරනවා වෙනුවට, අනවශ්‍ය පරිදි දේශපාලනය ගාවා ගනිමින් ජනාධිපතිතුමාට ප‍්‍රශංසා කරන්නටත්, අන්තර් ජාතික ප‍්‍රජාවගෙන් එතුමා ආරක්ෂා කර ගන්නටත් කටයුතු කර් තිබිණි. රජයේ පෙර කී සැකකටයුතු ක‍්‍රියාවන්ගෙන් පසු සභානායකයෙකුගේ නිවැරදි භූමිකාව එයද? එම අවස්ථාවේ සභාවේ කාදිනල්වරයෙතු ලෙස ඔබවහන්සේට හිමි පූජනීය ධූරයට ගරුකිරීමක් වශයෙන් එයට විරෝධය පළකර  ලිවීමෙන් වැලකුණෙමු. එහෙත් අදාල උත්සවයට ඔබතුමා සහභාගීවීම හා  ක‍්‍රියා කළ ආකාරය තුළ දැඩිව පිළිබිඹු වනුයේ මධ්‍යතන යුගයේදී සභාව නොමගට ඇදී යෑමේ අනතුරට පත්ව දැඩි දුස්කරතාවයට පත්ව තිබියදීත් එකිනෙකාට මුක්කු ගැසූ සභාවේ හා රාජ්‍යයේ සම්බන්ධතාවයයි.

කෙසේවුවද ජිනීවාහී මානව හිමිකම් කොමිසමේ මෑතකාලීන සිදුවීම් පිළිබඳව ඔබවහන්සේ මෑතකදී කළ ප‍්‍රකාශ අපගේ හැගීම් සහ අදහස් ඔබතුමාගේ කාරුණික අවධානය පිණිස යොමු කරන්නට අපට බල කර ඇත. කාදිනල්වරයෙකු ලෙස ඔබවහන්සේ දරන්නාවු උතුම් නිලය විශ්වීය තනතුරක් බැවින් හුදු සිංහල බහුතරයක් ජීවත්වන ප‍්‍රදේශයක රදගුරුවරයෙකුට වඩා ”එකී උතුම් තත්ත්වයට” සරිලන ආකාරයට ඔබවහන්සේගේ චින්තනය හා ක‍්‍රියාව සකස් විය යුතුබව නිහතමානීව සිහිපත් කරනු කැමැත්තෙමු.

ඔබවහන්සේ ශ‍්‍රී ලාංකීය රදගුරු සම්මේලනයේ ප‍්‍රධානියා නොවේ. එහෙත්, ඔබවහන්සේගේ අදහස් අනෙක් රදගුරුතුමන්ලා – විශේෂයෙන් යුදකලාපයන්හි දෙමළ රදගුරුතුමන්ලා විසින් දරනු ලබන අදහස් නියෝජනය කරන්නේ නැතිවුවද, අග‍්‍රරාජගුරුප‍්‍රසාදීන් හා කාදිනල්වරයෙකු ලෙස ඔබවහන්සේට හිමි නිල තත්ත්වය නිසා ඔබවහන්සේගේ ප‍්‍රකාශය මුළු ශ‍්‍රී ලාංකීය සභාවේම නායකයාගේ ප‍්‍රකාශ ලෙස බොහෝදෙනා වරදවා තේරුම් ගනිති.

ඔබවහන්සේ හ`ඩක් නැති, දීනතාවයට හෙළන ලද, ව්‍යසනයට ගොදුරුවුණු මිනිසුන් වෙනුවෙන් නැගී සිටීම නිසා මරණයට පත් වුනු ජේසුස් වහන්සේගේ ජීවමාන ක‍්‍රියාකාරී ප‍්‍රාදේශීය කිතුනු සභාවක නායකයා වන්නෙහිය. මෙවන් ප‍්‍රකාශයක් කරන්නට පෙර අඩුම තරමින් ඔබවහන්සේගේම රදගුරු වසමේ සාධාරණය හා මානව හිමිකම් පිලිබඳව වැඩි අවධානයක් ඇති පියතුමන්ලා සමඟ සාකච්ඡුා කර එම අදහස් යොදා ගන්නා ලෙස අපි යෝජනා කරමු. අපව බලන්නට පැමිණ ඇති හා මේ ප‍්‍රදේශයේ වත්මන් වාතාවරණය ගැන හොඳින් දන්නා ඒ බොහෝ දෙනා අපි අගය කරමු.

තීරණාත්මක 1970 දශකයේ සිටම හිටපු රදගුරු දියෝගු පිල්ලේ හිමිපාණන්ගේ ඉල්ලීම පරිදි ශී‍්‍ර‍්‍ර ලංකා රදගුරු සම්මේලනය උතුරු නැගෙනහිර ප‍්‍රදේශ පිළිබඳව අදාල ප‍්‍රදේශවල රදගුරුතුමන්ලා සමඟ කෙරෙන්නාවූ විමසීමකින් තොරව ප‍්‍රකාශ වැනි දෑ නිකුත් නොකරන ප‍්‍රතිපත්තියක පිහිටා සිටියේය. එහෙත් ඔබවහන්සේ වැනි අයගේ ප‍්‍රකාශ තුළින් කතෝලික සභාවද දැන් බෙදී ඇති බවක් පිටතට පෙනෙන්නට තිබීම කණගාටුවට කරුණකි.

පසුගිය වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් විසින් පත්කරන ලද විශේෂඥමණ්ඩලය සිය වාර්තාව එළිදැක්වීමත් සමඟම ඔබවහන්සේ කඩිමුඩියේම එය ”අන්තර් ජාතික ප‍්‍ර‍්‍රජාවේ කුමන්ත‍්‍රණයක්” බැව් කියමින් ජනාධිපතිතුමා රැුක ගන්නට පෙරට ආවෙහිය. ප‍්‍රධාන වග උත්තරකරු වූ වත්මන් ජනාධිපතිතුමා රැුකගැනීමට ඔබවහන්සේ ගත් එම ලද බොළඳ උත්සාහය නිසා අපි විමතියට පත්වීමු.

මෑතකදී ඔබවහන්සේ ”ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ඉදිරිපත් කිරීම…. ශ‍්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හා ඒකීයත්වයට අනවශ්‍ය ලෙස අතපෙවීමක්” බව ප‍්‍රකාශ කළ බවක්් වාර්තා විය. එවන් ”අත පෙවීම්” වූ කලී මානව හිමිකම් පිළිබඳ සැලකිලිමත් වන රාජ්‍යයන් හා පාර්ශ්වයන් විසින් කෙරෙන්නාවූ මිත‍්‍රශීලී සිහිපත්කිරීම් වලට පයින් ගසමින් දශක ගණනාවක් පුරා ශ‍්‍රී ලංකාවේම පුරවැසියන් කොට්ඨාසයකගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් කැඳවා ගත් ඒවා බව බැගෑපත්ව සිහිපත් කර සිටිමු. මුල්ලවයික්කාල් හී මහා මිනිස් සංහාරය සඳහා ලංකා ආණ්ඩුවට මුල්‍යමය හා යුද්ධායුධ ලෙස අසීමිතව ආධාර ලැබෙද්දී, එය ශ‍්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හා ඒකීයත්වයට ”අත පෙවීමක්” නොවුයේ කෙසේද? මහා සංහාරය සිදු වන අතරතුර ඔබවහන්සේලා එම විනාශය නොදුටූවන් සේ නිහ`ඩව සිටි ආකාරය නොදන්නා කෙනෙක් නැත.

හිට්ලර්ගේ මහා සංහාරය සිදුවූයේද ”ස්වෛරීත්වය හා ඒකීයත්වය” පමණක් නොව ”ප‍්‍රජාතන්ත‍්‍ර‍්‍රවාදය” යැයි කියනු ලබන සංකල්පවලටද මුවා වෙමින් ය. එපමණක් නොව සිදුවෙමින් පැවති දේ ඉදිරියේ ඇස් කන් පියාගෙන සිටි ජර්මානු රදගුරුවරුන් බහුතරයකගේ නිහැ`ඩියාවද උපයෝගී කර ගනිමින් බවද මතක්කරනු කැමැත්තෙමු. නොහික්මුණුු රාජ්‍ය පාර්ශවයන් මානවහිමිකම් පිලිපැදීම කෙරෙහි පොළඹවා ගැනීමේ අරමුණ පිණිස මූලිකවම සැලසුම් වූ මානව හිමිකම් ප‍්‍රඥාප්තිය බිහිවීම කෙරෙහි එකී සංහාරය සුවිශාල ලෙස බලපෑ බව එහි මූලාරම්භය දෙස බලන විට ඉතා පැහැදිලිය.

උගත්පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම : LLRCඇති කරන ලද්දේ රජය වෙත එල්ලවූ පීඩනය නිසා මෙන්ම, සිදු වූ සාංහාරික අපරාධ ආවරණය කරගනු පිණිස බව සියලූ ඥානාන්විත පුද්ගලයෝ (සිංහලයන් බොහෝ දෙනෙකුද ඇතුළු* දනිති. එහි වාර්තාවද පැහැදිලිවම එකී අරමුණු සාක්ෂාත් කර ගනු පිනිස සැලසුම් වී තිබුණද සුභවාදී ප‍්‍රගතියක ප‍්‍රවේශයන් බවට පත් කර ගත හැකි නිර්දේශ කිහිපයක් එහි අන්තර් ගත බව අපි පිළිගනිමු. ”මෙකී අනිසි මැදිහතිවීම් වලට දිය හැකි බලවත්ම පිළිතුර වන්නේ LLRC වාර්තාවේ නිර්දේශ විගස ක‍්‍රියාත්ම කිරීම” බවට ඔබ වහන්සේ දරණ අදහස මෙන්ම එය ක‍්‍රියාත්මක කිරීම සඳහා ඉක්මන් ක‍්‍රියාමාර්ග ගත යුතු බවට ඔබතුමා රජයෙන් කරන්නාවූ ඉල්ලීම ගැන අපි සතුටුවෙමු.

රජයේ පාර්ශ්වයෙන් ඒ සඳහා කිසිදු ප‍්‍රයත්නයක් නොමැතිවීම ගැන අපි කණගාටුවෙමු. දෙමළ ජනතාව සියලූ ආකාරයෙන් යටපත් කිරීමෙන් පසු එවැනි අවශ්‍යතාවයක් යළි පැන නගින්නේ නැති බැවින් එතෙක් කල්මැරීම සඳහා යොදා ගන්නා ලද තාවකාලික වාද්‍ය ඛණ්ඩයක් ලෙස මෙය යොදා ගන්නට ඇති බවක් පෙනෙන්නට ඇත. මේ කල්මැරීම දැන් යුද්ධයේ අවසාන අදියරේ වූ ඝාතන පිළිබඳ කෙරෙන හමුදා විමර්ශනයක වේශයෙන් කරළිියට පැමිණ ඇති බව වාර්තා වේ. මෙය සොරා ඇල්ලීමට සොරෙකු යෙදවීමක් වේද?

ආණ්ඩුව ලෝකයේ අවධානය වෙනතක යොමු කරනු පිණිස උතුරු නැගෙනහිර සංවර්ධනය කිරීමේ තුරුම්පුව යොදා ගනිමින් සිටී. ලැබෙන ආධාරවලින් විශාල ප‍්‍රමාණයක් තම වාසිය සලසා ගැනීම සඳහා යොදා ගන්නා අතර, අදාල සංවර්ධන කටයුතු සිදුවෙමින් පවතිනුයේ උතුරු නැගෙනහිර ජනතාවගේ නිසි සහභාගිත්වයෙන් හෝ කලමනාකාරිත්වයෙන් තොරවය. අපට ඉක්මනින්ම අවශ්‍ය වන්නේ කාපට් පාරවල් හෝ බැංකු හෝටල් හෝ නොයෙක් සංදර්ශන නොවේ. නමුත් අප ප‍්‍රදේශය තුළ අපගේ පැවැත්ම තහවුරු කරන ක‍්‍රියාමාර්ග ඇති කිරීමයි. එහිදී  ඕනෑම කෙනෙකුට සිය කැමැත්තෙන්ම මේ ප‍්‍රදේශයේ ජීවත්වීමට ඇති අයිතිය අපි ප‍්‍රතික්ෂේප නොකරමු. එහෙත් අප ප‍්‍රදේශය තුළ අපවම සුලූතරයක් බවට පත් වන ආකාරයට ජන සංයුතියට හානි කිරීමේ දුෂ්ට සැලසුම් සහිත ජනපදකරණය අපි ප‍්‍රතික්ෂේප කරමු. මෙය දැනටමත් මහා පරිමාණයෙන් වෙමින් පවතී.

ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කළද, අපේ අහිමිවීම් සුවිශාලය; පිරිමැසිය නොහැකිය. යථාර්ථවාදී හා කල්පවත්නා විසඳුමක් ප‍්‍රමුඛ අවශ්‍යතාවය වී ඇත. එය ලඟා කර ගත හැක්කේ අවංකව කෙරෙන සත්‍ය ගවේශනයකින්, වගවීමෙන්, සාධාරණය ඉටු කිරීමෙන්, වැරදි නිවැරදි කිරීමෙන්, සමඟිවීමෙන් හා අනෙක් අයගේ අයිතිවාසිකම්වලට ගරු කිරීමෙන් පමණි.

ඇත්තෙන්ම අවශ්‍ය වී ඇත්තේ, කාර්යක්ෂම, විශ්වාසනීය හා අපක්ෂපාතී යාන්ත‍්‍රණකි. ”ධර්මිෂ්ඨකමට, සාපිපාසවන්නෝ භහග්‍යවන්තයෝය” කියූ අප ගුරුස්වාමින් වහන්සේගේ මාර්ගෝපදේශය අනුගමනය කරමින් මේ අරමුණ කරා යෑම පිණිස ඔබවහන්සේගේ පූජනීය ධුරය යොදා ගන්නා ලෙස අපි ආයාචනා කරමු. ජේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ ශාන්ත සභාව පීඩනයට ගොදුරුවන්නන්ගේ හා හ`ඩක් නැති වූවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ඉදිරිපත්වීම වැඩි වන තරමට බාහිර මැදිහත්වීම් හා අතපෙවීම් සඳහා ඇති අවස්ථා අඩුවන බව අපි විශ්වාස කරමු.

ක‍්‍රිස්තුස්වහන්සේට හා උන්වහන්සේගේ සභාවට සේවය කිරීම සඳහා යැදුමෙන් සහය වන බවට සහතික වෙමින්

ක‍්‍රිස්තුස් වහන්සේ තුළ ඔබේ දරු

ඒ. සන්තියාපිල්ලේ –

යුක්තිය හා සාමය කාර්යාංශය

(පිටපත් මාධ්‍ය වෙත)

පරිවර්ථනය – අජිත් හැඩ්ලි පෙරේරා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here