යාපනය ගුවන් තොටුපල උතුරේ සංවර්ධනයේ හැරවුම්ලක්ෂයක් !

0
89

Screenshot_20191017_144914ගුවන් යානා නොඑන මත්තල ගුවන් තොටුපල විවෘත කිරිමේ දා වැනි රු රුපියල් කෝටි ගණන් වැය කළ බොරු සෝබන වැඩ නොතිබුණද අද ඉතාමත් චාම් අයුරින් අද විවෘත කෙරුණ යාපනය ගුවන් තොටුපල යනු උතුරු සංවර්ධනයේ හැරවුම් ලක්ෂයක් බව පෙනේ.

මෙමගින් උතුරු පළාතේ ජනතාවට සෘජුවම ජාත්‍යන්තර ගුවන් ගමන් පහසුකම් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. මේ අනුව ඉන්දියානු ප්‍රාදේශීය ගුවන් තොටුපොළවල් වන චෙන්නෛ, තිරුචි සහ කොචි සිට ශ්‍රී ලංකාවේ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත සෘජු ගුවන් ගමන් ආරම්භ වීම්ට නියමිතය. ඉන්දියානු ‘එයාර් ඉන්දියා’ සමාගමට අනුබද්ධ ‘අලියන්ස් එයාර්’ ගුවන් සමාගම විසින් මෙම ගුවන් ගමන් මෙහෙයවනු ලැබේ.

යාපනයේ සිට ගුවන් ගමනක් සඳහා කොළඹ බලා ගමන් කරන පුද්ගලයෙකුට ගොඩ බිමින් කිලෝ මීටර 400 ක පමණ දුරක් ගමන් කිරීමට සිදුව තිබිණි. ඒ සඳහා කුලියට වාහනයක් ලබා ගන්නේ නම් අමතර වශයෙන් රුපියල් 35,000 ක පමණ වියදමක් දරන්නට ඔවුනට සිදු විය. යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීමත් සමගම උතුරේ ජනතාවට විශාල ප්‍රතිලාභ රැසක් ලැබෙනු ඇත. ඉන්දියානු නගර ගණනාවක් සමග සෘජුවම සම්බන්ධ වීමට ලැබීමට අමතරව, මෙම ගුවන් තොටුපොළ මගින් යාපනය අර්ධද්වීපයේ ජනතාවට ව්‍යාපාරික සහ වානිජමය අවස්ථාවන් පුළුල් වීමක්ද සිදු වනු ඇත.
දැනටමත් යාපනය ගුවන් තොටුපල අවට ඉඩම් මිළට ගෙන හෝටල් සැදිම සදහා ව්‍යාපාරිකයන් මුලපුරා අැත.
එමෙන්ම ඉදිරියේදි සංචාරක ව්‍යාපාරයද ගුවන් තොටුපලද කෙන්ද්‍රකොට ගෙන සංවර්ධනය විමට නියමිතය.
කොළඹට කිරිද උතුරට කැකිරිද යන සංකල්පයන් වෙනස් වෙමින් උතුරටද කිරි ලැබෙන සංවර්ධනය මේ හරහා ජනිත වනු ඇත.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වශයෙන් අළුතෙන් නම් කරන ලද පලාලි ගුවන් තොටුපොළ යාපනය නගරයෙන් කිලෝ මීටර 20ක් ඈතින් වූ පලාලි හි පිහිටා ඇත. ගුවන් තොටුපොළේ ධාවන පථය කිලෝ මීටර 2.3 ක් දක්වා දීර්ඝ කර ඇති අතර මීළඟ අදියරේදී එය තවත් කිලෝ මීටරයකින් දීර්ඝ කිරීමටද අපේක්ෂිතය. ගුවන් ගමන් පාලක මැදිරියක්, මගී පර්යන්තයක් ද අළුතෙන් ඉදි කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සිවිල් ගුවන් සේවා අධිකාරියේ උප සභාපති ප්‍රියන්ත කාරියප්පෙරුම මහතා කියා සිටියේ දැනට මෙම ගුවන්තොටුපලේ ධාවන පථයේ දිග මීටර් 950 සිට මීටර් 1400 දක්වා දීර්ඝ කොට ඇති අතර, මෙහි දෙවන අදියර ලෙස ධාවන පථයේ දිග මීටර් 2300 ක් දක්වා දීර්ඝ කරනු ඇති බවය.එමෙන්ම වරකට මගීන් 70 දෙනෙකු රැගත් ATR 72 ගුවන් යානා වලට නවාතැන් ගත හැකි අතර එලායන්ස් එයාර් විසින් චෙන්නායි ඇතුළු ඉන්දියානු ගමනාන්ත වලින් සතියකට ගුවන් ගමන් 3 ක් දැනටමත් තහවුරු කර තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරිය මූල්‍ය හා නියාමන අනුමත කිරීම් සහ ඔවුන්ගේ පූර්ණ සහයෝගයෙන් මහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් විසින් නව ඒප්‍රන්, කුලී රථ මාර්ග, ධාවන පථ සහ මාර්ග ඉදි කර ඇත.
එපමණක් නොව ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපල සහ ගුවන් සේවා ගුවන් ගමන් පාලක කුළුණ, පර්යන්ත ගොඩනැගිලි , ගිනි නිවීමේ පහසුකම්, කාර්යාල සංකීර්ණ සහ ගුවන් යාත්‍රා පද්ධති ඇතුලත් නවීන ගුවන්තොටුපලක පහසුකම උතුරේ ජනයාට මහගු සේවාවක් ලබා ගැනීමට අනගි අවස්ථාවක් වනු ඇති බව කාරියප්පෙරුම මහතා කියා සිටියේය.
(මුලාශ්‍රය- සංවර්ධන සන්නිවේදන ඒකකය
අගමැති කාර්යාලය )