යාපනේ ඉදන් මීගමුවට ආපු තිරලි !

0
302
dav

dav

මේ දිනවල මංකුලිය ලෙල්ලමට වැඩිපුර තිරලි මාළු එන්න පටන් අරන් .පත්තියම් මාළුවෙක් නැතිනම් සැර නැති මාළු වර්ගයක් ලෙස ප්‍රකට තිරලි මසුන් මේ තරම් පැමිණෙන්නේ කොහෙන්දැයි අප ඇසු පැනයට පිළිතුරු දෙමින් මංකුලිය ලෙල්ලමේ සංගිත් පෙරේරා මහතා කියා සිටියේ මෙ දිනවල යාපනයේ සිට තිරලි මාසන් බහුල ලෙස ලැබෙන බවය.
යාපනයේ ජනයා අතර මසුන් ඇල්ලිමේදි ඔවුන්ට ආවේනික වු ක්‍රම ඇති බවත් ඇල්ලු සැනින් එය නිසි ලෙස පෙට්ටිවල බහා අයිස් දමා මීගමුව ඇතුළ තවත් වෙළද පොලවල් කරා යැවේන බවත් ඔහු කියා සිටියේය.යාපනයේ සිට ප්‍රවාහනය කළ ද මේ මසුන් ඉතාමත් ඉහල ප්‍රමිතියකින් යුත් බවත් ඔහු අවධාරණය කර සිටියේය.මෙහි වඩාත් විශේෂම කරුණ වන්නේ කිලෝවක් රු 150 ක් තරම් සුළු මුදලකට ගතහැකිව තිබිමය.

dav