යාපනේ ධීවර උද්ඝෝෂණය වලකන්න පොලිසිය අධිකරණ නියෝගයක් අරන් ?

0
59

උතුරේ ධිවර ජනතාව මුහුණ දෙන ප්‍රශ්ණ සම්බන්ධයෙන් ජුලි 15 වනදා පැවැත්විමට සැලසුම්කර තිබුණ විරෝධතාවය නවතා ලිම සදහා යාපනය පොලිසිය විසින් අධිකරණය මගින් තහනම් නියෝගයක් ලබාගෙන තිබුණි.
එහි සදහන් ව තිබුණේ මහජන පිඩාවක් ඇතිවිම වැලැක්විම සදහා මේ උද්ඝෝෂණය නවතා දැමිය යුතු බවය.
පොලිසියේ මේ ක්‍රියාමාර්ගය පිළිකුල් සහගත ලෙස හෙලා දකින බවත් එය පැහැදිලි ලෙසින් ශ්‍රිලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරිමක් බවත් මෙයට අභියෝග කිරිම සදහා මානව හිමිකම් සුරැකිම සදහා වන අධිකරණයමය ක්‍රියාමාර්ගයකට පිවිසිමට කටයතු කරන බවත් එහි සංවිධාකයෙකු මිපුර කළ විමසුමකදි පවසා සිටියේය.
කෙසේ වෙතත් පොලිසිය මේ ආකාරයෙන් සාමකාමි උද්ඝෝෂණ වලකා ලිම සදහා අවස්ථා ගණනාවකදි මේ උපක්‍රමය භාවිත කළද මැත ඉතිහාසය තුල බොහෝ විනිසුරුවන් විසින් පොලිසියේ මෙම ක්‍රියාමාර්ගය බරපතල ලෙස විවේචනයට ලක්කරමින් තහනම් නියෝග දිම ප්‍රතික්ෂේප කර  තිබුණි.
jaffna protest 2