”යාපනේ යන්න බස් දෙන්න එපා” යැයි අයිතිකරුට තර්ජනය කළ පොලිස් නිළධාරියා කව්ද ?

0
43

jaffana protest july 15 2014ධීවරයන්  මුහුණ දෙන ගැටළු  සහ ඉඩම් බලහත්කාරයෙන් රජය විසින් අල්ලාගෙන සිටිම නිසා මතුව ගැටළු පිළිබදව සාමකාමි විරෝධයක යෙදිමට සැලැසුම්කර සිටි ජනයාට  පසුගිය 15  අධිකරණ නියෝගයක් ඉදිරිපත් කරමින් පොලිසිය පවසා තිබුනේ විරෝධතාවයේ නොයෙදෙන ලෙසය.
මෙම උද්ඝෝෂණයට සහභාගි විම සදහා මීගමුවෙන් ගොස් සිටි සිවිල් ක්‍රියාකාරින්ගේ බස් රථයේ රියදුරු යාපනයේදි හදිසියේම පවසා ඇත්තේ තමන්ට පැමිණ පිරිස මගදමා දැන් මීගමුවට යාමට සිදුවන බවය.
ඊට හේතුව ලෙසින් ඔහු දක්වා තිබුනේ සිය බස්රථයේ අයිතිකරුව හමුව ඇති මීගමුව පොලිසියේ නිළධාරින් පිරිසක් බස් රථය ඉක්මනින් ගෙන්වා ගන්නා ලෙසත් නැතිනම් එහි කුපිත වු ජනයා එයට ගිනි තැබිමටද ඉඩ ඇති බව පවසා ඇත.
මේනිසා කලබලයට පත් අයිතිකරු වහාම බස් රථයේ රියදුරුට දන්වා ඇත්තේ බස්රථය සමගින් ඉක්මනින් මීගමුවට පැමිණෙන ලෙසය.කෙසේ වෙතත් පසුව කෙරුණ කරුණු පැහැදිලි කිරිම් හමුවේ යාපනයට ගෙන ඒමට සහ ආපසු රැගෙන යන බවට ඇතිවු පොරොන්දුව කෙසේ හෝ ක්‍රියාත්මක කරන බව පැවසිම නිසා මතුවෙන්නට ගිය අර්බුදය සමනය කරගතහැකි විය.