යුක්තිය අවභාවිත කිරීමක් – ට්‍රම්ප් කියයි

0
118

යුක්තිය අවභාවිත කිරීමක් – ට්‍රම්ප් කියයි

ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් සිය පුතු හන්ටර් බයිඩන්ට ජනපති සමාව ලබාදී තිබේ.

ගිනි අවියක් අවභාවිතය සම්බන්ධයෙන් හා බදු මගහැරීම සම්බන්ධයෙන් ජනපති බයිඩන්ගේ පුත්‍රයා වරදකරු කර තිබිණි. නමුත් ඔහුට මෙතෙක් දඬුවම් නියමවී නොතිබුණු අතර එම දඬුවම් නියම කිරීමට මේ වසරේ නියමිතව තිබිණි.

මීට පෙර ජනපති බයිඩන් පවසා තිබුණේ තමා සිය පුතාට ජනපති සමාව ලබා නොදෙන බවයි.

එහෙත් ඉරිදා දිනයේ ජනපතිවරයා ප්‍රකාශ කර තිබුණේ හන්ටර්ට සමාව දුන්නේ තම පුතා නිසා නොවන බවයි.

මේ අතර නව ජනපති ලෙස පත්වීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ මේ ජනපති සමාව යුක්තිය අවභාවිතාවක් බවයි.

චතුර පමුණුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here