යුග දෙකක වෙනස….

0
297

ටිප් කැච් එකක දි පන්දුව බැට් එකේ වැදුන කියල බැට්ස්මන් කෙනෙකුට හොඳට තේරෙනව. එහෙම තේරිලත් අම්පයර් අවුට් එක දුන් නැත්තං මුකුත් දන්නෙ නැහැ වගේ ඉන්නව.

මේ වගේ කැච් එකක දි විරුද්ධ කණ්ඩායම රිවීව් කරන බවත් ඔවුන් දන්නව. රිවීව් එකෙන් අවුට් එක දෙන බවත් දන්නව. එහෙම දැන දැනත් ලැජ්ජ නැතුව බලං ඉන්නව. මහත්තුරුන්ගෙ කියපු ක්‍රීඩාව මේ වගේ වෙලා තියෙන්නෙ ක්‍රීඩාව වාණිජකරණය වීමත් එක්ක ඇති වුණු තණ්හාව සහ පුරුෂාර්ථ වෙනස නිසා ද?

ඒ තුළින් හෘදය සාක්‍ෂියට කරපු බලපෑම නිසා ද? තමුන් අවුට් බව දන්නව නං අම්පයර් අවුට් එක දෙනකං ඉන්නෙ නැතුව ඉවත් වෙලා යන ක්‍රීඩකයෝ මීට දශක කිහිපයකට කලින් ක්‍රිකට් බලද්දි අපි නිතර දැකල තියෙනව. යුග දෙකක් අතර මේ වෙනස මේ කාලය තුළ සමාජය සහ මිනිසුන් වෙනස් වුණු හැටි ගැන පිලිබිඹුවක් වගේ.

(නිහාල් පිරිස්ගේ ෆේස්බුක් පිටුවෙනි )