යුටියුබ් පෙත්තප්පුලාගේ Breaking news වන්නම ..

0
618

ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය අභිබවමින් පෙරට යාහැකි මාධ්‍ය ඉඩකඩක් ලෙසින් සමාජ මාධ්‍යවේදිකාව මේ වන විට ඉදිරියට පැමිණෙමින් තිබේ.
ඒ අතර යුටියුබ් නාලිකාද වඩාත් ජනප්‍රිය වෙමින් තිබේ. අනාගත ප්‍රවෘත්ති සපයනු ලබන ප්‍රබල නාලිකාවන් ලෙසින් ඉදිරියට යා හැකිව ඇති මේ මාධ්‍ය අද හුදු වානිජ අරමුණු පදනම් කොටගනිමින් කිසිදු මාධ්‍ය සදාචාරයකට යටත් නැතිව ගාල කඩා ගත් හරකුන් රැලක් මෙන් දිව යනු පෙනේ.
මේ නිසාම වඩාත් විශ්වසනිය පුවත් සපයනු ලබන මාධ්‍යයක් ලෙසින් යුටියුබ් චැනල යොදාගැනිම ප්‍රවෘත්ති මාධ්‍ය වාර්තාකරණයේ නියැලි සිටින මේ වනවිටත් අර්බුදයක් නිර්මාණයක් වෙමින් ඇත්තේ දැලි පිහිගත් වදුරන් රැලක් මෙන් ඇතැමුන් ඉතාමත් පහත් ආකාරයෙන් මෙකි මෙවලම් දැනටමත් භාවිතා කරමින් තිබෙන නිසාය
මේ ඇතැම් නාලිකා අදාල සිදුවිම ගැන මෙලෝ මලබෝලයක් හෝ නොදැන අදාල පුවත ගැන පත්තරයක් හෝ තවත් තැනක ඇති පුවතක් එහෙම් පිටින්ම කියවමින් යුටියුබ් පෙත්තප්පුකරණයක් දැන් ආරම්භ කර තිබේ.
මිට දින කිපයකට පෙර වැල්ලවිදියේදි සිය දිවි හානිකරගෙන මිය ගිය තරුණියක් පිලිබද පුවතක් අද දිණමිණ පුවත් පත විසින් වාර්තා කර තිබුණි.


මේ පුවතම යුටියුබ් ගිරවියක් විසින් කියවාගෙන යන විශ්ව දෙරණ යැයි නම් තබා තිබුණ චැනලයක් අපට හමුවිය . ඒ අය අඩුම තරමින් වැල්ලවිදිය සහ වේල්ලවිදියේ වෙනසවත් දන්නේ නැති මැට්ටන් පිරිසක්විය යුතුය.



ඒ දිණමිණ පුවත්පතේ මිගමු වාර්තාකරු විසිනි.
ඒ පුවත එහෙම පිටින්ම කියවන යුටියුබ් පෙත්තප්පු කෙනෙක් අද ඇස ගැටුණි.
මේ පෙත්තප්පුලා අඩුම තරමින් වැල්ලවිදිය කියන ගම ඇත්තේ කොයිබද කියාවත් දන්නවාදැයි අප නොදනිමු.


මෙහි වඩාත් විහිළු සහගත කරුණ වි තිබුනේ අදාල යුටියුබ් පෙත්තප්පු ඒ පුවත අරඹන්නේ මෙන්න අපට දැන් ලැබුන පුවතක් යැයි කියාය
පුවතට අදාල කිසිදු විෂුවල් එකක් හෝ නැති මේ පෙත්තප්පුලා පරණ බිත්තියක් ඉටි රෙද්දක් පසුබිමේ පෙනමින් දිණමිණ පුවත ගිරවකු මෙන් කියවා ගෙන යයි.
මේ අකාරයෙන්ම පෙත්තප්පුලා වෙනත් වෙබ් අඩවි වල පළවන පුවත් රැගෙන තමන්ගේ මෙන්ම ගිරව්කරණයකට ලක්කිරිම දැන් දකින්නට තිබේ.
ඉතින් ප්‍රවෘත්තිවාර්තාකරණයට අදාල වඩාත් විශ්වසනිය පුවත් බෙදාහරිනු ලබන මාධ්‍ය මෙවලම් වු යුටියුට් මේ පෙත්තප්පුලාගෙන් බේරාගත යුතුව තිබේ