යුතුකම් ඉටු කළ කැලිසන් මංත්‍රිට ආණ්ඩුවෙන් තෑග්ගක්…..

0
57

මේ වසරේ මීගමුව මහා නගර සභාවේ කාරක සභා වලට නාගරික මංත්‍රිවරුන තෝරා පත් කර ගැනීම ජනවාරි 04 වැනි දින පැවැති මාසික මහා සභා රැස්වීම අතරවාරයේදී සිදු විය.

එහිදී කාරක සභා වලින් වැඩිම වැදගත්කමක් ඇති කාරක සභාව ලෙස සැලකෙන මුදල් කාරක සභාව සඳහා  විපක්ෂය නියෝජනය කරමින් පත්වු එකම නාගරික මංත්‍රිවරයා ලෙස නැවත වරක් තේරී පත් වුයේ එ.ජා.ප. යේ කැලිසන් ජයකොඩි මංත්‍රිවරයායි. පසුගිය වර ඔහු ආන්ඩු පක්ෂයේ වැඩිම ජන්ද ලබා ගත් නාගරික මංත්‍රිවරයා තරමටම ජන්ද ලබා ගනිමින් ආන්ඩු පක්ෂයේ නාගරික මංත්‍රිවරුන්ගේ වැඩිම කැමැත්තෙන් වැඩි ජන්ද ප්‍රමානයක් ලැබීය. එලෙසම මෙවරද ඔහු ආන්ඩු පක්ෂයේ වැඩි මංත්‍රිවරුන් පිරිසකගේ කැමැත්තෙන් මෙවරද මුදල් කාරක සභාවට තේරී පත් වී තිබේ. ඔහු මෙවර ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 25කි . එය ආන්ඩු පක්ෂයේ වැඩිම ඡන්ද ප්‍රමානය වන 26 ක් ලබා ගත් සේපාල මොරවක මංත්‍රිවරයාට වඩා ඡන්ද 01 ක අඩුවීමකි. එලෙසම නියෝජ්‍ය නගරාධිපති වූ සකාවුල්ලා මංත්‍රිවරයාටද ලබා ගැනීමට හැකි වුයේ ඔහුට වඩා එක් ඡන්දයක් අඩුවෙනි. එනම් ඡන්ද 24 කි.

කැලිසන් මංත්‍රිවරයාගේ මේ ජයග්‍රහණයට හේතුව ඉතා සරල වුවකි.

එනම් ඔහු කිසිවිටකත් ආණ්ඩුවේ උවමනා එපාකම් වලට එරෙහි නොවන බවට ආණ්ඩුව තුල ඇති විශ්වාසයයි.

ඔහු ලැබුන සියළු ඉඩකඩවලදි ඔහු මේ යුතුකම නොපිරිහෙලා ඉටුකරන ලදි.මේ නිසාම ආණ්ඩුවට සියළු ටෙන්ඩර් ඔවුන්ගේ කැමැත්ත පරිදිම ඔවුන්ගේම අයට දිමට ඉඩ ලැබුණි.මේ මුදල් කාරක සභාවලදි කැලිසන් නොවේ මීක් ගෑවේ,,,,,,,,,