ඇය ජේම්ස් මේරි මාග්‍රට්ය. වසය 54 ක් යැයි ඇය කියයි.මුල්ලිකුලමේ පදිංචිකාරියක් වු ඇය යුද්ධයෙන් අවතැන්ව ව2007 වසරේ සිට තැන තැන යමින් අවසන නවතින්නේ මුල්ලිවෛකාල් ප්‍රදේශයේය.
කුසට අහරක් නැතිව දින ගණන් ගෙවන්නට වු මේ අම්මාට හදිසියේ දැනගන්නට ලැබෙන්නේ ආහාර නැවක් පැමිණ ඇති බවය.
ඇය එහි යන්නේ අඩක් හෝ කුසපුරවා ගන්නට අහරක් ලැබෙතැයි විශ්වාසයෙන් යුතුවය.
එහෙත් නැවේ බඩු බෙදන්නේ එදින සවස බව දැනගැනිමෙන් පසුව යළිත් ඇය ආපසු හැරි සිය දරුවන්ද සිටින තැන වෙතට යමින් සිටියදි හැදහැලුන බෝම්බ වරුසාවකට ඇය ලක් වෙයි.
මේ ඛේදවාචකය නිසා ඇයට අහිමි වන්නේ ඇගේ වම් අත පමණක් නොවේ.ඇගේ 28 හැවිරිදි වැඩිමහල් පුතුද මේ ප්‍රහාරයේදි ඇයට සදහටම අහිමි වෙයි.
18 වියැති බාල පුතුව අවසන් වරට ඇය දැක තිබුනේ 2009 අප්‍රේල් මාසයේදි ය. අදටත් කිසිදු තොරතුරුක් ඔහු ගැන නැත.සියළු බැරි අමාරුකම් මැද උස්මහත් කළ දරුදෙදෙනාද නැතිව යළිත් මුල්ලිකුලමට පැමිණෙන ඇය රෝගාතුරුව සිටින සිය ස්වාමිපුරුෂයාෙග් සහ තමන්ගේ නඩත්තුව සපයාගන්නේ මඩුපල්ලියට පැමිනෙන වන්දනාකරුවන්ගෙන් කියක් හෝ ඉල්ලා ගෙනය.
එසේ සිඟමනින් බස් ගාස්තුව සොයාගෙන වව්වනියාවේ පැවැති අතුරුදහන් වුවන්ගේ විරෝධයට පැමිණ එහි වු මාධ්‍යවේදින් වෙත පවසා සිටියේ තමන්ගේ බාලපුතු ඉන්නා තැනක් ඇයට දැනගැනිමට උදව් කරන ලෙසය.