යුද්ධයෙන් මිය ගිය අය සිහිකරන්න ඉදිකළ ස්මාරකය පොලිසිය කඩාදමලා !යාපනේ විරෝධතා .

0
45

යාපනය විශ්ව විද්‍යාලයේ තුල පිහිටි මුල්ලිවයිකල් ස්මාරකය කඩා ඉවත් කොට පොලිසිය පියවර ගැනිමටත් සමගින් නොසන්සුන් තත්වයක් ඇතිව තිබේ.
මේ ක්‍රියාවට විරෝධය පළකරමින් විශ්ව විද්‍යාල සිසුන් මෙන්ම ජනතාවට ඊයේ රාත්‍රියේ සිට විරෝධතාවයක් ආරම්භ කර තිබුණි

මෙම ස්මාරකය ප්‍රථම වරට නිරාවරණය කරනු ලැබ තිබුනේ යුද්ධය අවසන් වී වසර 10 ක් පිරීම නිමිත්තෙන් 2019 දීය.

“අද සවස යාපනයේ විශ්ව විද්‍යාල පරිශ්‍රයට පොලීසිය ඇතුළු වී යුද්ධයේ අවසාන අදියරවල දී මියගිය අය සඳහා ඉදිකරන ලද යුද ස්මාරකය බුල්ඩෝසරයක් මගින් ඉවත් කර දමනු ලැබ තිබෙනවා. ඔවුන් නැවැත්වීමට උත්සාහ කළ විශ්ව විද්‍යාල සිසුන් පොලිසිය පන්නා දමා ස්මාරකය සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇති බවයි යාපනයේ මාධ්‍යවේදී එස්. රුබතිසන් ට්විටර් සටහනක් තබමින් සඳහන් කර ඇති බව නිව්ස්වයර් වෙබ් අඩවිය සදහන් කර තිබේ