යුද සමය ගැන චිත්‍රපටයක් පෙන්වීම නිසා මැලේසියානු රජයේ උදහසට ලක්වූ ලීනා වෙනුවෙන් යුක්තිය ඉල්ලා විරෝධතාවක්

0
235

2013 වසරේදී මැලේසියාවේදී ශ්‍රී ලංකාවේ යුද සමය සම්බන්ධයෙන් නිර්මාණය වූ  No fire Zone  චිත්‍රපටයේ දර්ශනයක් පෙන්විම හේතුකොටගෙන එරට මානව හිමිකම් ක්‍රියාකාරිණි ලීනා හෙන්ඩ්‍රි මෙනෙවියට ඒවෙනුවෙන් එරට රාජ්‍ය උදහසට ලක්වීමට සිදුවිය.

20170317_170308 new මෙම චිත්‍රපට දර්ශනය සංවිධානය කළ ලෙනා ඇතුළු ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුව එරට ආගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එදිනම අත්අඩංගුවට ගත් අතර චිත්‍රපටය පෙන්වීම නවතා දමන ලදී.
මෙම චිත්‍රපටය එරට වාරණ මණ්ඩලය විසින් වාරණය කළ චිත්‍රපටයක් වීම හේතුකොටගෙන ලීනා හෙන්ඩ්‍රි මෙනෙවියට මැලේසියාවේ ක්වාලාලාම්පූර් අධිකරණයක් විසින් චෝදනා එල්ල කරන ලදී.
අද සවස කොළඹ පිහිටි මැලේසියානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී ලීනා හෙන්ඩ්‍රි ට එරෙහිව එරට රජය විසින් පැනවීමට නියමිත නීතිමය දඩුවම් ලිහිල් කරන ලෙස බලපෑම් කරමින් සාමකාමී විරෝධතාවයක් සිවිල් සංවිධාන ඇතුළු වාමාංශික කොටස් න් විසින් සංවිධානය කොට තිබිණි.