යුධ අපරාධ ඔප්පුවුවහොත් ඔවුනට තරාතිරම් නොබලා දඩුවම් දිය යුතුයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

0
45

යුධ අපරාධ සදහා චෝදනා එල්ලවී ඇති පිරිස් ඒ සදහා වැරදිකරුවන් වුවහොත් ඔවුන්ගේ තත්වය හා තනතුර කුමක් වුවත් ඔවුන්ට දඩුවම් දිය යුතු බව ප්‍රදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා මහතා පවසනවා.ත්‍රස්තවාදීන් වෙත තොරතුරු සැපයූ බවට හෙලිවූ හමුදා මේජර්වරයෙකුට මරණ දඩුවම නියමකල අවස්ථාවක් සිහිපත් කරමින් එතුමා මේ බව සදහන් කර තිබුණේ මල්වත් හා අස්ගිරි පාර්ශවයේ මහනායක් හිමිවරුන් හමුවීමට ගිය අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකා හමුදාව වෙත යුධ අපරාධ චෝදනා එල්ලවූයේ පසුගිය පාලනය හා ආරක්ෂක ලේඛම්වරයා විසින් හමුදාව තුලට දේශපාලනය ගෙන ඒමත් සමග බවයි එතුමා ප්‍රකාශ කර ඇත්තේ. හමුදාව තුල සිදුවන අපරාධ වලට දඩුවම් නොදී සිටිය යුතුය ලෙස කිසිදු ප්‍රතිපත්තියක් හමුදාව සතුව නැති බවත් සදහන් කල එතුමා එසේ සිදුවූ වැරදී වලට දඩුවම් කිරීම ප්‍රශ්ණයක් වූයේ පසුගිය පාලකයන් විසින් ඔවුන්ගේ හෙන්චයියන් හමුදාව තුල සිදුකරන වැරදි හා අපරාධ නොදැක්කා සේ සිටීම නිසා බවත් ප්‍රකාශ කර ඇත. ශ්‍රි ලංකා හමුදාව වෙත තමන්ගේ විනය හා තත්වය එලෙසම පවත්වා ගෙන යාමට පසුගිය පලකයන් ඉඩ සැලසූවානම් කිසිදු යුධ අපරාධ චෝදනාවක් මෙරට හමුදාවට එල්ල නොවන බවත් එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

maxresdefault

 

 

www.dailymirror.lk ඇසුරිණි.