යුධ අපරාධ චෝදනා වලින් බේරුන ඇබ්ඩන් මල්ලි…

0
679

උසස් පෙළත් හදාරල රස්සාවක් නැතිව හිටපු ඇබ්ඩන් මල්ලි  පත්තරේ තිබුණු රැකියා ඇබෑර්තුවකට ඉල්ලූම් පතක් දාන්න තීරණය කළා.
ඒ       රැකියාව හමුදාවේ සෙබළ තනතුරක්.
ඇබ්ඩන් මල්ලි ඕනෑම කාරණාවක් සම්බන්ධයෙන් ටිකක් හිතන චරිතයක්. ඔහුට හැම අවස්ථාවෙම විය හැකි තත්ත්වයන් සම්බන්ධව ප්‍රශ්න දෙකක් මතුවෙනවා.

මේ හිතිල්ල හින්දම තමයි ඇබ්ඩ්න් මල්ලි ගොඩ ගියේ. නැතිනම් දැන් මේ ඉදිරිපත් වෙන යුධ අපරාධ චෝදනා වලට ඇබ්ඩන් මල්ලිටත් කවද හරි උත්තර දෙන්න වෙනවාම තමයි.
රැකියා ඉල්ලූම් පත තැපැල් කරන්න ගිහින් ඔහු කල්පනා කරන්න පටන් ගත්තා.
මේ රැකියා ඉල්ලූම් පත තැපැල් කළොත්, —මට රැකියාව හම්බවෙයි ද? රැකියාව හම්බ නොවෙයි ද?˜ රැකියාව හම්බනොවුණොත් ප්‍රශ්නයක් නෑ. හම්බවුනොත් ආයෙ ප්‍රශ්න දෙකක් තියෙනවා.
—කොළඹ මූලස්ථානයේ සේවය කරන්න සිද්ධ වෙයිද? එහෙම නැත්නම් යාපනේ කි්‍රයාන්විතයේ සේවය කරන්න වේවිද?˜
මූලස්ථානයේ සේවය කරන්න වුණොත් ප්‍රශ්නයක් නෑ. ඒත් කි්‍රයාන්විතයේ සේවය කරන්න සිද්ධ වුණොත් ප්‍රශ්න දෙකක් මතු වෙනවා.
—මැරෙයි ද? කොහොම හරි ජීවිතේ බේරෙයි ද?˜
මැරුනේ නැත්නම් කොහොමටත් ප්‍රශ්නයක් නෑනේ. මැරුණොත් ප්‍රශ්න දෙකක් මතුවෙනවා.
—යාපනේ භූමදානය කරයි ද? කොළඹට ගෙනෙයි ද?˜
යාපනේ භූමදාන කලොත් ප්‍රශ්නයක් නෑ. ඒත් කොළඹට ගෙනාවොත් ප්‍රශ්න දෙකක් මතුවෙනවා.
—භූමදානය කරයි ද? එහෙමත් නැත්නම් මළමිනිය ආදාහනය කරයි ද?˜
මළමිනිය භූමාදානය කළොත් ප්‍රශ්නයක් නෑ. ඒත් ආදාහනය කළොත් ප්‍රශ්න දෙකක් මතුවෙනවා.
—භෂ්මාවශේෂ වළලයි ද? එහෙම නැතිව ගගේ පාකර යවයි ද?˜
භෂ්මාවශේෂ වැළලූවොත් ප්‍රශ්නයක් නෑ. ඒත් ගගේ පාකරල යැව්වොත් සමහර කොටස් හුළෙඟ් පාවී ගිහින් ගස්වල තැවරෙන්න පුළුවන්. ඒ ගස්වලින් කඩදාසි හදනවා. සාමාන්‍යයෙන් කඩදාසි වර්ග දෙකක් තියෙනවානේ. එකක් රළු කඩදාසි. අනෙක මෘදු කඩදාසි. රළු කඩදාසි කොහොමටත් පාවිච්චි කරන්නේ ලියකියවිලි වලටයි, බෑග් මළු වගේ දේවල් හදන්නයි නිසා ඒක කොහොමටත් ප්‍රශ්නයක් නෑ. ඒත් මෘදු කඩදාසි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ටොයිලට් පේපර්ස් හැටියටනෙ. එහෙම උනොත් අසූචි ගා ගන්නනේ වෙන්නේ. හමුදාවට බැදිල තමන් මොකටද නිකං ගූ ගා ගන්නෙ කියල කල්පනා කරපු ඇබ්ඩන් මල්ලි  ඉල්ලූම්පත වීසි කරල දැම්මා.
පස්සේ පළතුරු බීම කඩයක් දාගත්තු  මල්ලි දැන් ආතල් එකේ ඉන්නවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here