යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකීකයින්ගේ පළමු විලාසිතා දැක්ම ඉතාලියේදි .

0
66
summer fash“ඉතාලියේ ප්‍රථම වතාවට මෙවැනි විලාසිතා දැක්මක  යුරෝපිකයන් සමඟ එකතු වී සංවිධානය කිරීමට හැකිවීම මට  ඉමහත් සතුටක්. ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකීකයන්ට මෙය නැවුම් අත්දැකීමක් වේවි.මොකද මේ වගේ වැඩසටහනක් මීට කලින් පවත්වලා නැති නිසා. මේ විලාසිතා දැක්මට ශ්‍රී ලාංකීකයන් මෙන්ම ප්‍රංශ,ඉතාලි ජාතිකයන්ගේද සහභාගීත්වයක් තියනවා. විශේෂයෙන් ශ්‍රී ලංකීකයන්ට ගැලැපෙන විලාසිතා මෝස්තර එහිදී දැකගත හැකි වේ. මිලානෝ හා ඒ අවට නගර වල වෙසෙන ශ්‍රී ලංකීකයට මේ නැවුම් අත්දැකීම විදගන්න මැයි 23 මිලානෝ නගරයේ    රෝයල් පාර්ක් රෙස්ටුරන්ට් (නො.17 , වියා රිවොල්ටනා,ලිනාටේ).. එකට සවස 6.00ට  එක් වන්න කියල ආරාධනා කරනවා. මම ඉෂී පීරිස් වෙරෝනා සිට “
යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකීකයින් විසින් පළමු වතාවට සංවිධානය කරනු ලබන විලාසිතා දැක්ම එළඹෙන මැයි මස ඉතාලියේ මිලානො නගරයේදි ඉදිරිපත් කිරීමට නියමිතය.ප්‍රංශයේ පැරිස් නුවර ප්‍රවීණ මෝස්තර නිරූපණ ශිලිපිණි ඇනා ග්ලොවොත් හා මයි ස්ටෙල්ලා ගෲප් මිලානෝ මෝස්තර නිරූපණ ශිල්පීන් ගේ මෙහෙයවීමෙන් ලාංකීය වේශ නිරූපණ ශිල්පිණී ඉෂී පීරිස්( වෙරෝනා ) හා සුරේකා ප්‍රනාන්දු (මිලානෝ ) ශිල්පීන් විසින් එළඹෙන ග්‍රිෂ්ම සෘතුව සඳහා ඉදිරිපත් කරන විලාසිතා දැක්ම, දේශීය විදේශීය නිරූපණ ශිලිපීන්ගේ සහභාගීත්වයෙන් මැයි මස 23 දින පස්වරු 6.00 සිට මධ්‍යම 12 දක්වා මිලානෝහි ROYAL PARK RESTURANT , Via Rivoltana no 17, Linate, පැවැත්වේ.මෙම නැවුම් අත්දැකීම විදගන්න මැයි 23 මිලානෝ නගරයට පැමිණෙන්න.
මේ පිළිබඳ තවත් තොරතුරු ඉදිරියේදි බලාපොරොත්තු වන්න..
ඩිල්ෂාන් තිසේරා- මෙසිනා ඉතාලිය