රංජන්ගේ අත්අඩංගුවට ගැනිම ලංසාගේ දේශපාලනය නන්නත්තාර කරන්නට තවත් ප්‍රබල හේතුවක්ද වෙයි !

0
94

ranjan 3පසුගිය දින කිපය පුරාවට දවල් රැ නැතුව රංජන් රාමනායක අසරණ ජනයා වෙත ගොස් බඩු බෙදුවේය.රටම නුහුරට කතා කරමින් නොසරුප් වචන කියමින් සිටි පෝරුතො⁣ට ජනයා හමුවිමටද රංජන් එදා ගොස් තිබුණි.
රංජන්ගේ මේ නොනවතින ජවසම්පන්න මෙහෙවර වැඩියෙන්ම රිදෙන පිරිස අතර සි⁣ටින්නේ ලංසලා සහ ප්‍රසන්නලාය.

මේ අතුරිනුත් ලංසා ප්‍රමුඛ වන්නේ දැනටමත් මිගමුවේ සිංහල සමාජය තුල මෙන්ම මුස්ලිම් සමාජය තුලද වැඩි අප්‍රසාදයකට ලක්ව සිටින පසුබිමකය.
කෙසේ වෙතත රංජන්ගේ මේ සිරගතවිම ඔහුගේ සමාජ මෙහෙවරට තවත් ජවයක් එක් කර තිබේ. එලියට එන රංජන් ඇතුලට ගිය කෙනාට වඩා තවත් දුප්පත්ම ජනයා අතරේ විරයෙකු වන්නේය.
රු 400 කවත් බඩු නැති එහෙත් රු 500 ට මිගමුවට සහන මලු යැයි කියා ප්‍රෝඩාවක නිරත වෙමින් දායන් ලංසා පදනම සහ නිමල් ලංසා පදනම යැයි මහජන මුදලින් පඩි ගන්නා සේවයකයන් ලවාම ප්‍රචාරක කටයුතු කරමින් ජනතාවට ගෝනාට අන්දවන්නට හැදු අයට රංජන්ගේ දැවැන්ත  සහන මෙහෙවර හරහා දැන්  ජනතාවට සැබෑවට ආදරේ කව්දැයි පෙන්වා දි හමාරය.
එපමණක් නොව මිගමුව රෝහලට අවැසිව තිබුණ දැඩි සත්කාර ඒකකයට යාබදව වු තවත් ගොඩනැගිල්ලක් ඉදිකිරිමේ  මේ දිනවල ජවිපෙ රතු තරුන නියැලි සිටි.
මේ සියල්ල විසින් මිගමුවේ ජනයාට සැබැවින්ම ආදරේ කරන මෙවර මැතිවරණයට පිවිසෙන පුද්ගලයන් ගැන පැහැදිලි පණිඩිඩ දැනටමත් නිකුත් වි හමාරය.
ඒ සියල්ලේ එකතුව යනු මහජන මුදල් කාබාසිනියා කරමින් ජනතාව ගොනාට අන්දවන අයියලා මල්ලිලාගේ දේශපාලනය බංකොලොත් කම දැන් සුපිරියටම මිගමුවට ඔප්පු වි හමාරය.