රංජන්ට නිදහස … හරින්, මනුෂ ජනපතිට තුති කියති .

0
205

රංජන් රාමනායක මහතා හෙට හෝ සදුදා හෝ නිදහස ලබන බවට තමා දැඩි ලෙස විශ්වාස කරන බව සංචාරක  හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

රංජන් රාමනායක මහතාට නිදහස ලබා දුන්  ජනපතිට ස්තුතිය ප්‍රකාශ කරමින් ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන හරීන් ප්‍රනාන්දු මහතා මෙසේද සඳහන් කරයි.

“මා හිතවත් දේශපාලන සගයා, රන්ජන් අයියා හෙට(26) හෝ සදුදා (29) නිදහස ලබන බව මට දැඩිසේ විශ්වාසයි.මගේ සහ මනූෂ ගේ ඉල්ලීම ඉටුකළ ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහ සුව්ශේෂී මෙහෙවරක් ඉටුකල අධිකරණ අමාත්‍ය ව්ජේදාස රාජපක්ෂ මැතිතුමා ඇතුළු  සහය දුන් සැමට ස්තුතියි ! යනුවෙන් හරීන් ප්‍රනාන්දු මහතා සටහනක් තබා තිබේ.

මේ අතර රංජන් රාමනායක මෙසේ ජනපතිගේ මැදිහත්විම යටතේ නිදහස ලබා පැමිණිම ගැන විවිධ මත කරමින් සිටිති. හිරගෙයක් තුල සිටින රංජන්ට වඩා නිදහස ලබා එළියට පැමිණෙන රංජන්ට කළ හැකිව ඇති දැ බොහෝය.විශේෂයෙන්ම රට මුහුණ දි ඇති මේ දැවැන්ත අර්බුදය හමුවේ මිනිසුන් ඇත්තටම ආදරය කරන රංජන් වැන්නන්ට කළ හැකි සුවිශේෂි මෙහෙවරයක් තිබේ.