රංජන් අද අධිකරණය හමුවට ?

0
110

FB_IMG_1586834991711ඊයේ දිනයේ (2020/04/13) රාත්‍රී මා රන්ජන් රාමනායක් බැලීමට මිරිහාන පොලීසියට ගිය අවස්තාවේ ඔහු පොලීසියට ප්‍රකාශ ලබාදෙමින් සිටි අතර මෙය මා විසින් ගන්නාලද ඡායාරූපයකි. ජනතාවට ඇති ආහාර හිගය වෙනුවෙන් කතාකිරීම සහ ආහාර බෙදාදීමට බාධාකිරීමට එරෙහිව හඩ නැගීම වරදක් දැයි ඔහුගෙන් ප්‍රකාශ ලබාගන්නා නිළධාරියාගෙන් ප්‍රශ්න කල අතර අදාල නිළධාරියා එය නොඇසුනාසේ ප්‍රකාශය ලබාගැනීමේ කාර්‍යය සිදුකරන ලදි. ඔහුට ඉහලින් ලැබුන නියෝගය අනුව ඔහු රාජකාරිය කරන බවක් පෙනුනි. ඔහු රන්ජන්ට කාරුණිකව කතා කල අතර අහන සෑම ප්‍රශ්නයකටම මුලින් සර් කියනු මට ඇසුනි. ඔහුට හැකි උපරිමයෙන් රන්ජන්ට ගරු කිරීම කරන බවක් මට දැනුණි.

අදාල පොලිස් නිළධාරියා මටද ඉතා කාරුණිකව ප්‍රකාශ ලබා ගැනීම නතර කර කතා කිරීමට අවස්තාව ලබා දෙන ලදි. පොලිස් නිළධාරිය මට දක්වන ලද කාරුණික බාවයෙන් මට හැගුනේ ඔහුත් අසරණවී සිටි බවකි.

බඩකින්නේ සිටි ජනතාව වෙනුවෙන් පුද්ගලිකව ආහාර බෙදීමේ ක්‍රියාවලියට බාධාකරන ලද පොලිස් නිළධාරීන් සමග බහින් බස් වීම නිසා, අද දින රන්ජන් පොලිස් රාජකාරියට බධාකිරීම යටතේ අධිකරනයට ඉදිරිපත් කරනු ඇත.

නන්දා මාලනියන්ගේ කුමට එරට අධිකරනය සින්දුව මතක් වෙන්නේ මේවගේ සිදුවීම වෙද්දි තමයි.

(මංජු ශ්‍රි චන්ද්‍රසේනගේ මුහුණු පොතෙනි )