රංජන් නිසා මීගමුවේ කාන්තාවන්ට මහන මැෂින්

0
48

දෙසැම්බර් 15 වනදා පා.මන්ත්‍රී  රන්ජන් රාමනායක මීගමුව අධිකරණයට පැමිණීමට නියමිතව තිබිණි. එදින් මීගමුව නගරය මැදින් කාන්තාවන් පන්සියයක් පමණ පෙළපාලියකින් ගමන් කළේ රන්ජන් රාමනායක උසාවියට යන විට ඔහුට විරෝධය දක්වන්නටය.
ඒ ඇමති ලංසා සම්බන්ධයෙන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක විසින් පාර්ලිමේන්තුව තුල කරන්නට යෙදුන විවේචනාත්මක ප්‍රකාශයන්ට එරෙහිව ඇමති ලංසා විසින් මීගමුව අධිකරණයට ගොනු කළ නඩුවක් හේතුවෙනි.
පෙළපාලියකින් උසාවිය ඉදිරියට  පැමිණි ඇමති ලංසාගේ කාන්තා සමිති සාමාජිකාවන් රංජන් රාමනායක එන මග රැකසිටිනුයේ ඔහුට විරෝධය පළ කරන්නටය. එදින එම කාන්තාවන් ගෙන්වාගෙන ඇත්තේද ඔවුන්ට අනිවාර්්‍යයෙන් මහන මැෂිමක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් බව කාන්තා සමිති වලින් ආරංචි විය. මේ අතර මේ වනවිට එම කාන්තාවන්ට පොරොන්දු වූ පරිදි එම මහන මැෂින් ලබාදී ඇති බවද වාර්තා වේ.

nimal-supportes-3