රංජන් සහ කුලියාපිටිය

0
171

රංජන් රාමනායක කුලියාපිටියෙ ගිහින් අර දරුවව වඩාගෙන හුරතල් කරනව දැකපු වෙලාවෙ හිතුණු කාරණාවක් මේ. රංජන් මේ වැඬේ කළේ හුදෙක් ජනප්‍රියත්වය හෝ දේශපාලන වාසියක් බලාගෙන කියල කෙනෙක් කියන්න පුලූවන්.
එ්ක ඇත්ත වෙන්නත් පුලූවන්. නොවෙන්නත් පුලුවන්. මොන අරමුණකින් හරි මේ වගේ වැඩකට ඉදිරිපත් වෙච්චි එක අගය කරන්න ඔ්නෙ.කොහොම වුණත් ජනප්‍රිය නළු නිළියන්, ගායක ගායිකාවන් ඇතුළු කලාකරුවන්, ක්‍රිඩක ක්‍රීඩිකාවන් වගේ අයට මේ වගේ වෙලාවක එ්ඞ්ස් බිය නැති කරන්න, එ්ඞ්ස් ගැන ජනතාව දැනුම්වත් කරන්න ජනප්‍රිය තලයේ ඉතා සාධනීය වැඩ කොටසක් කරන්න පුලූවන් කියලයි මම හිතන්නෙ. සාමාන්‍ය ජනතාවට වැඩිය සමීප වෙන්නෙ නැති සන්නිවේදන ක්‍රම පාවිච්චි කරනවට වඩා මේ වගේ ජනප්‍රිය සන්නිවේදන ක්‍රම මගින් වඩා පුලූල් ජනතාවක් අතරට පණිවිඩ ගෙනියන්න පුලූවන්. මේ වගේ දේවල් වෙන රටවල නම් ඉතා බහුලව යොදාගන්න බවත් රහසක් නෙවෙයි. ඩයනා එව් අයි වී ආසාදිත දරුවන් පිරිසක් වටකරගෙන ඉන්න ඡුායාරූපය ඊට කදිම සාක්ෂියක්.

කුලියාපිටියෙ සිද්ධියෙදි වගේ, අපේ රටේ සම්ප්‍රදායික සන්නිවේදන ක්‍රමවල අකාර්යක්ෂම බව පෙන්නුම් කරපු අවස්ථාවක එ් සම්බන්ධයෙන් අලූත් සහ නිර්මාණාත්මක වැඩසටහන් සොයාගන්න සිද්ධ වෙන බව පේනව. ජනප්‍රිය තලයේ චරිතවලට මේ වගේ කටයුතුවලදී යම් සමාජ කාර්යභාරයක් පැවරෙන බව ඔවුන් තේරුම් ගැනීම වැදගත්. ඒ වගෙම ඔවුන් යොදාගෙන යම් ‘ජනප්‍රිය වැඩකොටසක්’ කරන්න පුලුවන් බව සමාජ ක්‍රියාකාරීන් සහ බලධාරීන් තේරුම් ගැනීමත් වැදගත්.
(නිහාල් පීරිස් මහතාෙග් මුහුණු පොතෙනි )

Nihal Peiris's photo.