( 3.30pm )බොහෝ අය රංවල හෙළා දකිති, ඔහු බොරුවක් කලේ යයි ගරහති,නැති සුදුසුකම් පෙන්නුවේයයි හාස්‍යයට ලක් කරති.
එහෙත් මම ඔහුට ගරු කරමි.
ඒ,
ඔහු මිනිසුන්ගේ ව්‍යාජ පැවැත්ම ප්‍රශ්න කරන්නට සිය භාවිතාවෙන්ම මග සැලසූ හෙයිනි,
තවත් කිසිවෙකුට හෝ ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පෙන්වා රඟන්නට නොහැකිවන සේ තමන්ම ආදර්ශය සැපයූ හෙයිනි,
උගතා සහ බුද්ධිමතා ගැන සංවාදයකට මග සැලසූ හෙයිනි.
දැන් රංවල වියූ දැලේ අලුතින්ම පැටලී ඉන්නේ සිස්සත්තම්මාය.
ඇය උගන්වන්නේ සිස්සත්තෙටය. එහෙත් ඇය පරදු තබනා පීඑච්ඩී එක වෙනත් ක්ෂේත්‍රයකටය, එහෙත් එය අදාළ නැත. ඇයද පීඑච්ඩීකාරියකය.
සිස්සත්තම්මා රංවල මෙන් නොව මාකටිං චරිතයකි.එහෙයින් වන්නම තව බොහෝ දුර යනු ඇත.
රංවලයන් තමන්ගෙන් පටන් අරගෙන මාලිමාවේම රෙදි නූලෙන් නූල ලෙහුවේය. ඒ ලෙහිල්ල පළමු මොහොතේම නොදැක්කා සේ සිට ඔහුගේ සගයෝ රෙදි කඩා වැටෙද්දී ආතල් ලන්තයක් මැවුවෝය.
දැන් සිස්සත්තම්මා පොලෝසියේ මතු නොව ආරස්සක ඇමටිගේද රෙදි උනා ඇත.
ඇයට නිසි උපහාර දුන්නාට සමරකෝන් පූජා භාණ්ඩ නිර්මාතෘ ට අපේ උපහාරය. ඔහු හාස්‍යය නව තලයකට ගෙන ආවේය.
මේ මහා නාඩගම හමුවේ අධ්‍යාපන බලධාරීන් නිහඬය.
අපි කුමක් කරමුද? නටමු, ගයමු, ගී කියමු?
බලධාරීන්ට එක් දෙයක් කල හැකිය, ඒ සිස්සත්තම්මා සුසමාදර්ශී චරිතයක් ලෙස පෙළ පොතට ඇතුලු කිරීමය.
සියලු දෙනාට රංවල දෙවිඳුන්ගේ පිහිටයි, ආරස්සාවයි.
(චුලාන්නද සමරනායනගේ ෆේස් බුක් පිටුවෙනි)