රජයෙන් ආධාර ලැබෙන විට, නිව්ස්ටඩ් බාලිකාවේ පාසල් සංවර්ධන ගාස්තු මේතරම් ඉහල යන්නේ ඇයි ?

0
63

මිගමුව  නිව්ස්ටඩ් බාලිකාවේ පහසුකම් ගාස්තු හෙවත්  පාසල් සංවර්ධන ගාස්තුව 2015 වසරට  3190ක් කර තිබෙන බව පාසලේ දෙමාපියන් පවසති. නව රජය යටතේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය කාලයේ  සියලූම පාසල් වල සංවර්ධන කටයුතු වෙනුවෙන් රු ලක්ෂ 06ක මුදලක්  වෙන්කර ඇති අතර බොහෝමයක් පාසල් වලට එය ලැබී ඇත. එවැනි ආධාරයක් රජයෙන් පාසලට ලැබෙන විට පාසලට එය යම් ශක්තියක් වන අතර දැන්වත් පාසලෙන් දෙමව්පියන්ට පටවන බර අඩුකළ යුතු බව බෙහෝ දෙනෙකුගේ අදහසයි.
මෙබදු වටපිටාවක නිව්ස්ටඩ් බාලිකාවේ පරිපාලනය විසින් පාසල් සංවර්ධන ගාස්තුව  රු 3190 ක්  කර තිබීම කිසිසේත් සාධාරණය කළ නොහැකි අතර නිදහස් අධ්‍යාපනය යන අර්ථයට ලගින්වත් යාමට තාමත් නිව්ස්ටඩ් බාලිකාව සූදානම් ඇති බවක් නොපෙනේ.  එයට අමතරව  මෙම පාසලේ ශිෂ්‍යාවන් 3500කට අධික සංඛ්‍යාවක් සිටින අතර  3190 ගානේ ගණන් හැදුවොත්  සංවර්ධන අරමුදල ලෙස  කොපමණ  මුදලක් එකතු වෙනවාද  ? passara