රජයේ කටයුතු ගැන ජනතාව දැනුම්වත් කිරිම මාධ්‍ය නිලධාරින්ගේ වගකිමක් – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

0
73

sudarshanaරජයේ කටයුතු පිළිබඳව දැන ගැනීමට රජයට බදු මුදල් ගෙවන ජනතාවට අයිතියක් තිබෙන බවත් රජයේ කටයුතු පිළිබඳ තොරතුරු නිසි පරිදි ලබා දී ඔවුන්ගේ එම අයිතිය තහවුරු කිරිම රාජ්‍ය මාධ්‍ය ආයතනවල සේවය කරන නිලධාරින්ගේ වගකීම බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පවසයි.

එසේ ම තොරතුරු ලබාදීමේ දී ඡායාරූප මාධ්‍ය ප්‍රබල ලෙස යොදා ගත හැකි බවත් වචන දහසකින් කිව යුතු දේ එක ඡායාරූපකින් ඉදිරිපත් කළ හැකි බවත් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ, අද (03) රජයේ ප්‍රවෘත්ති
දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති ඩිජිටල් ඡායාරූපකරණය පිළිබඳවැඩමුළුවක් අමතමිණි.

රජයේ අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තුවල ඡායාරූප මාධ්‍යවේදින් සඳහා ජනාධිපති මාධ්‍ය ඒකකය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ප්‍රවිණ ඡායාරූප ශිල්පි ලාල් හෑගොඩ මහතා විසිනි.

මෙහිදී තවදුරටත් අඳහස් දැක්වූ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා,

අද පුවත්පත්,රූපවාහිනි හා ගුවන් විදුලිය යන මාධ්‍යයන් ඩිජිටල්කරණය වී තිබෙනවා. ඩිජිටල්කරණය කරා ගමන් කරන සංක්‍රාන්ති යුගයකයි අද අපි ජිවිත්වන්නේ. ජනතාවට අද කියවීමට වෙලාවක් නැහැ.බොහොදෙනා තොරතුරු දැනගන්නේ ජංගම දුරතකනයෙන් හෝ ටැබ් එකෙන් .ඒ නිසා දිර්ඝ ලිපි පළ කරනවාට වඩා ඡායාරූප මඟින් ජනතාව වෙත තොරතුරු ගෙන යාමට උනන්දු විය යුතුයි.

මෙවැනි යුගයක ඡායාරූප කලාව කෙසේ සකස් විය යුතුද යන්න ගැන යළිත් සාකච්ඡා කරන්නට සිදුව තිබේ.මෙහිදි ඡායාරූප කලාව මෙන් ම එහි තාක්ෂණය ගැන ද අවධානය යොමු කළ යුතුයි.අද ඩිජිටල් ඡායාරූප දහස් ගණනක් ගන්නට පුළුවන්.එහෙත් ඒවායින් ඡායාරූප තෝරාගෙන හොඳ විස්තරයක් ද සහිතව ඉදිරිපත් කිරිමට ඡායාරූප ශිල්පියා සමත් විය යුතුය.ඒ පිළිබඳ දැනුම ලබා ගැනීමට මෙවැනි වැඩමුළුව ඉතාමත් ප්‍රයෝජනවත් වන බව ද අධ‍්‍යක්ෂ ජනරාල්වරයා කිය.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ වරුන් වන ධර්ම ශ්‍රි ඒකනායක,චන්දන සිරිමල්වත්ත, ජනාධිපති ඡායාරුප අධ්‍යක්ෂ සුදත් සිල්වා යන මහත්වරු සහ මෙම වැඩමුළුව සඳහා අනුග්‍රහය සැපයු ෆොටෝ ටෙක්නිකා ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ හර්ෂ මල්වැන්න මහතා ද මෙහිදි කතා කළහ.


www.news.lk