රජයේ රෝහල්වලට එන ”රෙප්ලාට” වැඩ වරදී..

0
101

repsදිවයින පුරා පවතින සියළුම රජයේ රෝහල් වෙත නොමිලේ සපයන ඇස් කාච   හා හදවත් සැත්කම් සදහා භාවිතා කරන Stent,ඒවා අවශ්‍ය වන රෝගීන් වෙත විවිධ මිල ගණන් වලින් විකිණීම සදහා රජයේ රෝහල් වෙත පැමිණෙන සියළුම වෙළද සමාගම් නියෝජිතයන් සියළුම රජයේ රෝහල් වෙත පැමිණීම තහනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නියෝග කර තිබෙනවා.

රජයේ රෝහල් වලින් ප්‍රථිකාර ලබන රෝගීන්ට අවශ්‍ය වන මෙම කාච හා Stent ඒවා අවශ්‍ය අවස්ථාවන්හිදී රෝගීන්ට විකිණීම සදහා පැමිණෙන වෙළද නියෝජිතයන් මෙන්ම ඒවා මිලදී ගැනීමට අනුබල දෙන රජයේ රෝහල් වල වෛද්‍යවරුන්ටත් එම ක්‍රියාවන්  තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. රජයේ රෝහල් වලින් ප්‍රථිකාර ලබන රෝගීන්ට අවශ්‍ය එම උපකරණ රජය මගින් නොමිලේ සැපයෙන් බවත් මෙහිදී වැඩි දුරටත් අමාත්‍යවරයා පවසා තිබෙනවා.