රජය අසාර්ථකයි !ධිවරයන්ගේ මාළු,ගොවියන්ගේ එළවළු විකුණා දිමට රජයට වැඩපිළිවෙලක් නෑ ???

0
281

දඹුල්ල, කැප්පෙටිපොල, නුවරඑළිය, බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳසැල් හි රු. 20 සිට රු. 40 දක්වා වන එළවළු කිලෝවක් කොළඹ රු. 260 කටවත් ගන්න බැරි වීම රජයේ අසමත් කම පෙන්වන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පැවසු බව අද වෙබ අඩවිය වාර්ථා කොට තිබුණි

කොළඹට රැගෙන එන එළවළු තොග ජනතාව අතර විකිණීම පොලීසිය යොදවමින් ආණ්ඩුව වලක්වන බවත් මාතලේ, දඹුල්ලේ අදත් එළවළු තොග ලක්ෂ 14 කට වැඩි ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බවත් ඇය පැවැසුවාය.vegetables

ඒ හා සමානම ප්‍රමාණයක් නුවරඑළිය, කැප්පෙටිපොල, බණ්ඩාරවෙල එළවළු තොග මධ්‍යස්ථානවල ගොඩ ගැසී විකුණාගත නොහැකිව තිබෙන බවත් ඇය පැවැසුවේ මාතලේ පැවති රැස්වීමක් අමතමිනි.

“සාමාන්‍යෙයන් මෙවැනි තත්වයක් ඇතිවුණාම රජය මැදිහත්වෙලා එළවළු තොග බෙදා හැරීම සිදු කරනවා.  කොළඹ ජනතාවට කන්න නෑ.  ගේන එළවළු පළතුරු තොග වාහනවලින් බාන්න දෙන්නේ නැතිව ඊයේ ආපහු දඹුල්ලට එව්වා.  මේවා අපරාධ.

අද පාරිභෝගික අධිකාරිය ක්‍රියාත්මක නෑ. නියෝගවලින් රටක සැපයුම් ජාල පවත්වාගෙන යන්න බෑ. වෙළෙදාම පාලනය කරන්න බෑ.  බස්නාහිරට එළවළු සැපයුම නැවතිලා දැන් දින 8 ක් වෙනවා.  සුපිරි වෙළෙඳසැල්වල විතරයි එළවළු තියෙන්නේ.  බස්නාහිර අන්ත අසරණ දිළිදු ජනතාව බඩගින්නේ ඉන්නවා.  මාතලේ, මහනුවර, නුවරඑළිය, බදුල්ල, පුත්තලම, රත්නපුර එළවළු තොග විකුණාගත නොහැකිව කුණු වෙලා යනවා.

උඩරට එළවළු වවන්න ගොවියෝ මේ කන්නයේ ලංකා ඉතිහාසයේ වැඩිම මිලට බීජ මිලදී ගත්තා.  පොහොර නැතිව එළවළු වගා කළා.  දැන් ඒවා විකුණාගන්න බෑ.  රටක එක පැත්තක් සාගතයක් තියෙනවා. තවත් තැනක එලවළු කුණු වෙනවා. මේක හිතක් පපුවක් නැති ආණ්ඩුවක්, යැයි ද රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

ලංකාවේ ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථාවලින් එළවළු තොග අවශ්‍ය තරම් සැපයීමට හැකියාව තියෙනවා. නමුත්, බලපත්‍ර සහිත වාහනවලට වත් කොළඹ දී ඒවා ජනතාව අතරට ගෙන යන්නට දෙන්නේ නෑ.  ඒ එළවළු ආපසු කි.මි. 200 ක් දඹුල්ලට අරගෙන ඇවිත් එතැනින් තැරැව්කාරයෝ හරහා ආපසු කොළඹ ගෙනියනවා.

ගෝඨාභය ජනාධිපතිතුමා ජනාධිපති වෙලා දඹුල්ලට ඇවිත් මාධ්‍ය සංදර්ශනයක් තියලා ගියා.  පාරිභෝගික අධිකාරියෝ හමුදා නිලධාරීන් පොළවල් ගානේ ගිහින් චන්ඩිපාට් දානවා. හැබැයි ලොරියක පටවලා එවන එළවළු විට විකුණාගන්න බෑ.”

මේ අතර මිගමුවේි ධිවරයො මාධ්‍ය හමුවේ පවසා සිටියේ තමන් අල්ලන මාළු විකුණාගැනිමට වැඩපිලිවෙලක් තවමත් නැති බවය. එමෙන්ම මිගමුවේ කරවල නිෂ්පාදකයන්ද කියා සිටියේ පිටරටින් ගෙන්වන කරවලට බදු පමණක් වැඩිකර ඇති රජය මිගමුවේ නිෂ්පාදනය කරන කරවල රටමැදට බෙදාහැරිමට කිසිදු වැඩපිළිවෙලක් සකසා නැති බවය