භූමි ප්‍රමාණයෙන් ලංකාවට වඩා කුඩාය. සපත්තුවක හැඩය ගත් ඉතාලි සිතියමේ පහලම කොටස සිසිලිය ලෙස නම් කෙරේ . මනරම් දේශ ගුණයක් සහ සරුසාර පසක් සිසිලියට හිමිවීමෙන් කෘෂිකාර්මික දුපතක් ලෙසට සිසිලිය නම් දරා තිබේ. යුරෝපයේ හොදම දොඩම් දෙහි වැවෙනුයේ මේ පුරවරයේය.
සිසිලියේ ප්‍රධාන නගරය වන්නේ පලර්මෝ නගරයයි .
ගොඩ බිම් මාර්ගය රේජුකලාබ්බ්‍රියා යන නගරයෙන් අවසන් වී සිසිලි දුපතට ඇතුළුවිය හැක්කේ මුහුදෙනි. රෙජුකාලාබ්බ්රියා සිට දුපතට එගොඩ වීමට විශාල නවුකා යොදවා ඇත.
මිනිසුන් සහිතව දුම්රිය කන්ටේනර් ලොරි යාන වාහන පටවා ගත් මේ නවුකා යාත්ත්‍රා කිරීමට විනාඩි 30 පමණ ගතවේ.
විනාඩි 30 දුර ගෙවා යාත්‍රා කළ මේ නවුකා මෙස්සිනා කියන නගරයට සේන්දු වේ. නැවත මෙස්සිනා පටන් ගොඩ බිම මාර්ගයෙන් සිසිලි දුපත පුරා සංචාරය කල හැකිය. නවුකා තුල බහාලු දුම්රිය මෙස්සිනා සිට යලි පිළිසකර කිරීමෙන් දුපත වටා ගමන් අරභති .ලෝකයේ ප්‍රසිද්ධම එඩ්නා ගිනි කන්ද ද පිහිටා ඇත්තේ මේ පුරවරයේ කතනියා නගරයේ සිට k m 15 පමණ දුරකිනි.
අපේ ශ්‍රීලාංකිකයන් 5000 ආසන්න ප්‍රමාණයක් මේ දුපතේ මෙස්සිනා. කථානියා ස්රීකුසා කල්තිජිරෝණි පලර්මෝ නගර වල ජීවත් වෙති. කථානියා නගරයේ පය තිබු බොහෝ අපේ ශ්‍රී ලාංකීකයන් සාන්ත ආගතා දේවස්ථානය වැද පුදා ගෙන සාන්ත ආගතා දේවමෑනියන්ගේ පිහිට උපකාර පතා පය තැබුයේ ක්‍රිස්තියානි අයවලුන් පමණක් නොවේ දැඩි විශ්වාසයකින් යුතුව අන්‍ය ආගමිකයින් පවා මෙම ආගතා මුනිවරියගේ පිහිට පතති. මීට වසර ගණනාවකට පෙර ශ්‍රී ලාංකීකයන් කුමන අයුරකින් හෝ ඉතාලියේ අනිත් නගරවල පය තියන්න පෙර කථානියා වාසස්ථානය කරගනිති .ඊට පසු අනිත් නගරවලට සංක්‍රමනය වෙති .එවන් සංක්‍රමිනිකයන් බොහෝ දෙනෙක් මේ මුනිවරියගේ පිහිට ලබා ගත්තෝ වෙති.
මීට වසර ගණනාවකට පෙර කොන්සියුස් නමැති කුර රජ පාලකයා මිනිසුන් තලා පෙලා වැඩ ගනිමින් විසාල අන්තහ්පුර තබා ගනිමින් කුර ලෙසින් කතානියා පාලනය කර ඇත. මේ කථානියා ග්‍රාමයේ ආගතා නම් රූමත් තරුණියක් ක්‍රිස්තියානි ආගමට ලැදිව දැඩි ආගම් භක්තියෙන් යුතුව ජීවත් වී ඇත.අගතා නම් තරුණ රුවැත්තිය අසගැටුනු කොන්සියුස් රජා ආගතා නම් තරුණියව විවාහව කර ගන්න යෝජනා කර ඇත දැඩි ආගම් බක්තියක් වූ මේ තරුණිය රජතුමාගේ බහට අවනත වී නොමැත .කීප විටකදීම තම අදහස අත්නොහැර දැමු රජතුමා තමන්ගේ අණට කීකරු වන ලෙස අන කරන ලදී .රජුන්ගේ අණට සවන් නොදුන් ආගතා නම් තරුණිය මම දේව සේවයට කැපවී ඇත්තියක් බවු රජුන්ට පැවසුවත් රජුන් එය ප්‍රතික්ෂේප කර ඇත.ආගතා තරුනියද රජුගේ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත .අවසානයේ රජු විසින් මැයට දස වද දී දුෂනය කරන්න උත්සහ කලත් එයද ව්‍යාර්ථ වූ තැන මැයට ඉතාමත් කුරිරු ලෙසට දස වද දී ඇත.
මියයන තුරුම දස වද විදි මෙම තරුණිය දෙවියන් වෙනුවෙන්ම කැප වී ඇත.
( පොලව යටින් ඇති උමන් මාර්ගය කතානියා පියස්ස ස්තසිකරෝ පොලේ පොලොව යට ඇති පල්ලිය ලගින් දැක බලා ගත හැක .ඇයව සිර කර තිබු හිර ගේ ස්තසිකරෝ උඩ පාරේ පියස්ස ඩොමෙනිකෝ වලින් ඇතුලට ඇති පල්ලියේ තිබේ)
රජුට අවනත නොවූ සුන්දර ප්‍රියමනාප මෙම ආගතා නම් තරුණිය දෙවියන් වහන්සේ වෙනුවෙන්ම කැපවී තම ආගම වෙනුවෙන් දිවි පරදුවට තැබුවේ කන්‍යාවක්ම ලෙසිනි. කාලයාගේ ඇවෑමෙන් මෙම තරුණිය දේවත්වයෙන් සැලකීමට සිසිලියේ ජනයා පුරුදු විය. තම දුක් කරදර හමුවේ ඇය වෙනුවෙන් යාඤා කර සුවය පැතීමට ඔවුන් පුරුදු වී ඇත .කථානියා නගරයේ වියා සන්ජුලියානෝ වියා එඩ්නා ලාවා වලින් යටවී බයංකාර ලෙස විනාස වෙද්දී කතානියා ජනතාව බියෙන් ඇලලී යන විට තමන්ගේ පිහිට වෙනුවෙන් ආගතා මුනිවරියට කන්නලවු කර අයගේ සළුවක් ලාවා එන දෙසට විස්වාසයෙන් යුතුව වීසි කර ඇත.එකනෙහිම ලාවා ගැලීම නැවතී ඇත ඇයගේ එම පළමු ප්‍රතිහාර්යෙන් සාන්ත බවට මේ මුනිවරියව පත් කරගෙන ලාවා නැවතුනු ස්ථානයේ සාන්ත ආගතා ලෙසින් ලොව පතල දෙස් විදේකශියින්ගේ විශ්වාසයේ රැජින ලෙසින් ඔටුනු පළඳවා ඇත.
05 දේවස්ථානයෙන් උදේ එලියට ගන්න සුරුවම 06 දා නැවත පල්ලිය ලගට එන්නේ 1 කමට පමණ එකම වීදියේ සංචාරය කරමින්ය. එක කිලෝමීටරයක් ගෙවන්න දවසක් ගතවෙන්න කොපමණ සෙනගක් සිටිය යුතුයි සිතා ගැනීම ඔබට බාරය. පහුවෙනදා නොදිරා ගිය සාන්ත ආගතා මෑණියන්ගේ සුද්දවූ දාතු වූ අත කකුල පයෝදර මහජනයා වෙත ප්‍රදර්නශය කර දේවස්ථානයේ ඇති විශේෂ වූ කුටියක තැන්පත් කර නැවත විවෘත කරන්නේ ජුනි මාසේ දිනයකදීය .විශේෂ කුටියේ එම දාතු තැන්පත් කරමින් මංගල්‍ය පුජාව නිමා කරන්නේ සාන්ත ආගතා මුනිවරියගේ පිහිට ලෝකයටම ලැබේවායි පතමිනි. සිසිලියේ වාසය කරන අප ශ්‍රී ලාංකික මංගල්‍ය පුජාව සිදුකිරීමට සැත්තම්බර් මුල් සති දෙකේ දිනයක් හිමිවීම මහත් භාග්‍යකි. ආගම් භේද නොතකා බෞද්ධ මෙන්ම කථානියා විහාරයේ භික්ෂූ වහන්සේද සහභාගිවීම සාමයේ සංකේතයක් නොවන්නේද?