රජ පවුලේ බලඅරගලයේ ලංසා සාධකය…..

0
84

pushpaරාජපක්ෂ පවුලේ ප්‍රධාන බලව්‍යපෘතින් තුනකි .එනම් බැසිල් රාජපක්ෂ ව්‍යපෘතිය ,මහින්ද රාජපක්ෂ ව්‍යාපෘතිය සහ ගොඨාභය රාජපක්ෂ ව්‍යාපෘතියයි.
මින් ප්‍රධාන ව්‍යපෘති 2කක් ගම්පහ තුල ක්‍රියාත්මකය.එහි ප්‍රබලතම ප්‍රවණාතාවය බවට පත්ව ඇත්තේ බැසිල් රාජපක්ෂ ව්‍යාපෘතියයි.
ඔහු විසින් තමන්ගේ දේශපාලනය ස්ථානගත කිරිම සදහා ගම්පහ තෝරාගනු ලබන්නේ ශ්‍රිලනිප දැවැන්තයෙකුෙග් පක්්ෂයට අහිමිවයෑම හරහා ඇතිවු දේශාපාලන රික්තයක් පාදක කොටගෙනය.
ජෙයාරාජ් ප්‍රනාන්දුපුල්ලේ ජිවත්ව සිටියේ නම් බැසිල්ගේ ව්‍යාපෘතිය මේ තරම් සරුවට ක්‍රියාත්මක වන්නේ නැත.
මේ නිසාම ජෙයාරාජ් නැති ගම්පහක් පිලිබද සිහිනයක් බැසිල්ගේ පාර්ශවය වෙත තිබෙන්නට ඇත.  ඒ පිලිබදව විවිධ විග්‍රයන් එදා පටන් ම මේ දක්වාම මේ දේශපාලනය පොලව මත සජිවිව තිබේ.
කෙසේ වෙතත් ජෙයාරාජ්ගේ සෙවන යටතේ දේශපාලනය ප්‍රගුණ කළ නිමල් ලංසා වැනි දක්ෂ තරුණ දේශපාලකයෙකු ජෙයරාජ්ගේ අභාවයෙන් පසු අනිවාර්යයෙන්ම සම්බන්ධ විය යුතව තිබනේ ගමපහ තුල ස්ථාපිත වු ඊළඟ දේශපාලන නායකත්වය තුලය.
මේ අනුව නිමල් ලංසා එතැන් පටන් බැසිල් රාජපක්ෂගේ දේශපාලන සෙවන යටතේ වේගයෙන් පිමි පණිමින් ඉදිරියට පැමිනෙන්ට පටන් ගනි.
මේ අනුව සරත් කුමාර ගුණරත්නගේ පැහැදිලි අනෙකා බවට පත්වන්නේද නිමල් ලංසාය.මින් අනතුරුව මහින්ද රාජපක්ෂගේ පාර්ශවය සහ බැසිල් රාජපක්ෂ පාර්ශවයේ ශිතල යුද්ධය මීගමුව තුල ක්‍රියාත්මක වන්නට පටන්ගන්නේ ලංසා සහ සරත් හරහාය.
නිමල් ලංසා යනු එජාප පවුල් පසුබිමකින් පැමිණෙන්නෙකි.
සරත් ගුණරත්න යනු එජාප පාලනය යටතේ සියළු තාඩන පිඩන වලට ලක්වුවද  මැතිවරණ දිනා තනතුරු නොලැබුවද පක්ෂය හැර නොගිය අයෙකි.
මේනිසාම ඔහු නිරන්තරයෙන්ම ජනපති මහින්ද රාජපක්ෂගේ පාර්ශයේ අයෙකු ලෙසින් අභිෂෙස් ලබයි.එතැන් පටන් ඔහුට ඇති හයිය වන්නේ එයයි..
කෙසේ වෙතත් ලංසා සරත් ශිතල යුද්ධය සරුවට ඇවිල යමින් තිබෙන මොහොතක රටේම අවධානයට යොමු වු අමුතු පන්නයේ වැඩක් මීගමුවේදි සිදුවිය
එනම් විශේෂ කාර්ය බලකාය විසින්  ඇමති නිමල් ලංසා ඇතුළු ඔහුගේ සමිපතයන්ගේ  නිවාස පරික්ෂා කිරිමට පැමිණිමයි.
ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව පළාත් සභා ඇමතිවරයෙකු සහ බැසිල් රාජපක්ෂයේ ප්‍රධානතම ආධාරකරුවෙකු වු නිමල් ලංසාගේ නිවස පරික්ෂා කිරිමට කිසිවිටකවත් පැමිණෙන්නේ නැත.
එය එහෙම පිටින්ම සැලසුම් කළ මෙගා ටෙලියක එක් කොටසක් යැයි අපි කියන්නේ මේ නිසාය.
ඔ්‍ය තවත් තහවුරු වන්නේ  පසුදිනයේ ජනාධිපතිවරයා හෙලිකොප්ටරයකින් පැමිණ නිමල්  ලංසා බදා වැළදගෙන කනගාටුව පළ කිරිමත් සමගින්ය.
මෙම සිදුවිම හරහා රජපවුලේ බල අරගලයේ එක් පාර්ශවයක සංඥාාවක් ඇමති නිමල් ලංසා වෙතට මුදා හැරිම හැර අන්කිසිවක් සිදුවුෙය් නැත.
මැතිවරණ දේශපාලන තුල සල්ලි විසිකරමින් සංදර්ශන පවත්වා මහත් වු ජනප්‍රියත්වයකට පත්වු නිමල් ලංසා ඉක්මනින්ම මීගමුවේ සංවිධායකධුරයට ඔසවා තබනු ඇතැයි ඔහුගේ පාර්ශවය තදින්ම විශ්වාස කළෝය.විශේෂයෙන්ම ජනාධිපතිවරයා ඇමති නිමල් ලංසා කනගාටුව පළ කිරිම සදහා නිවසට පැමිණිමෙන් පසු එය සිදු වේවි යැයි නිමල් ලංසාගේ පාර්ශවය තදින්ම විශ්වාස කළෝය.
එහෙත් කිසිවක් සිදුවුයේ නැත.
ඒ වෙනුවට සිදුවුයේ වසර කිපයකට පසුව  ඇමති සංශෝධනයේදි සරත් ගුණරත්න ධීවර නියෝජ්‍ය ඇමතිධුරයෙන් පිදුම් ලබයි.
අප නම් දකින්නේ සල්ලි බලයෙන් සහ බැසිල් රාජපක්ෂගේ පුර්ණ ආරක්ෂාව යටතේ සිය අනසක ඉතා කෙටිකලකින්ම මීගමුව තුල පමණක් නොව ගම්පහ දිස්ත්‍රික්කය පුරාම සිය මැතිවරණ බලකොටු හදාගනිමින්ම සිය සලකුණ තබාගනිමින් මහාපරිමාණයෙන් මුදල් හම්බ කරගනිමින් ලංසා යන දැවැන්ත ගමනට  කිට්ටු කරන්නට වත් බැරිව සිටි සරත් ගුණරත්න මහතා වෙත හයියක් ලබාදෙමින්  සරත් ගුණරත්න මහතා වෙතට ධීවර නියෝජ්‍ය අමාත්‍යධුරය ලබාදිමයි.
විවිධ හේතු මත ජනප්‍රියභාවය හීනවෙමින් පැමිණ සරත් ගුණරත්න වෙත ධීවර නියෝජ්‍ය අමාත්‍යධුරය භාරදිමෙන් යළි ඉඩ ලබා දි ඇත්තේ විශේෂයෙන්ම ධීවර ජනතාව වෙත යළි සිය පදනම් ගොඩනගා ගැනිමට ඉඩලබාදිමක් ලෙසය.
මෙය පැහැදිලිවම සරත් ගුණරත්න පාර්ශවය ශක්තිමත් කිරිම සදහා මහින්ද රාජපක්ෂ මහතා ගත් තින්දුවකි.
ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මැතිතුමාගේ  දැවැන්ත ප්‍රතිරුපය පතිතව පැවැති ගම්පහ ට බැසිල් රාජපක්ෂ පාර්ශවයෙන් ප්‍රතිරූපයක් ගොඩනගාගැනිමට දැන් සැලසුම් සැකසෙමින් පවති.
එළඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණයේදි මහඅැමතිධුරය සදහා බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මැතිණිය ගෙනඑ්මට  ඇති සුදානමක් ගැන දේශපාලන ක්ෙෂ්‍රත්‍රය තුල කථා බහක් ඇතිව තිබේ.
විශේෂයෙන්ම ඇමති නිමල් ලංසා මහතා විසින් සංවිධානය කරන ලද උත්සව කිපයකටම ඇය මීගමුවටද කැදවා තිබුණි.
මේ බැසිල් පාර්ශවයේ සැලැස්ම නම් එ් කටයුත්ත බරදමා අදින්නට පැවරෙනු ඇත්තේ අමැති නිමල් ලංසා වෙතය.
මේ දිනවල දෙරණ නාලිකාව විසින් කුඩුවලට එරෙහිව ගෙනයන හෙළිදරව්ව මුලික වශයෙන් අපට කියවාගතු යුතු වන්නේ අප ඉහත සදහන් කළ දේශපාලන යථාර්තය මත තබාය.
එවිට එය නිවරදි ලෙසින් තේරුම්ගැනිමට මගක් පෑදෙනු ඇත.