වෙන්නප්පුවේ පිහිටි මානව හිමිකම් සංවිධානයක් රාජ්‍ය ලාංඡනය භාවිතා කිරිම ගැන අප පසුගිය දිනක මීපුර වෙබ් අඩවිය ඔස්සේ හෙළිදරව්වක් කළෙමු.
රාජ්‍ය ලාංඡනය භාවිතා කිරිමේ අයිතිය ඇත්තේ රාජ්‍යයට පමණි.එය රාජ්‍යයට අයත් නොවන පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් භාවිතා කරන්නේ නම් ඔහු රටේ වෙදෙකි.නැතිනම් පට්ට හොරෙකි. එසේත් නැතිනම් පිස්සෙකි.
ජයන්ත කළුබෝවිල නම් වු මේ පුද්ගලයා අයත් වන්නේ ඉහත වර්ගීකරණයන්ගෙන් කොයිඑකටද යන්න තින්දු කිරිමේ අයිතිය පැවරෙන්නේ මේ රට බුද්ධිමත් ජනයාටය.එපමණක් නොව රාජ්‍ය එරෙහිව ක්‍රියාත්මක ව තිබිම ගැන මේ කලාපයේ පොලිසි ක්‍රියාත්මක නොවිම ගැනද අපට නම් ඇත්තේ විමතියකි.
මෙසේ රාජ්‍ය ලාංජනය වසර ගණනාවක් තිස්සේ කොළඹ හලාවත මාර්ගයේ නිරන්තරයෙන්ම ගමනේ යෙදිමේදි ඒ ගැන වගකිමෙන් ක්‍රියාත්මක විමට නොහැකි වු පොලිසිවල උසස් නිළධාරින්ට අපට කියන්නට ඇත්තේ කුමක්ද?
වෙන්නප්පුව කේන්ද්‍රකොට ගෙන ක්‍රියාත්මක වෙමින් ඇති මේ සංවිධානයේ ප්‍රධානියාගේ හොරමගඩි ගැන විස්තරාත්මක හෙළිදරව්වක් පසුගිය ඉරිදා රිවිර පුවත් පතක පළව තිබු විමර්ශනාත්මක ලිපියක විය .එයට අනුව බලන කළ ජයන්ත කළුබෝවිල නැමැත්තා රටේ ජනාධිපතිවරයාගේ සිට නොඇන්දවු කිසිවෙකුත් මේ රටේ නැති ගානය.
කෙසේ වෙතත් අධිකරණ අමාත්‍යංශයටද කැත නමක් එක්කොට සාමවිනිසුරුධුරයේ පවා විශ්වසනීයත්වය කෙලෙසා දමන්නට කටයුතු කළ මෙවැනි අයට නිසි ලෙස නිතිය ක්‍රියාත්මක කිරිමට මේ අවට පොලිසි ක්‍රියාත්මක නොවිමම ගැටළු කාරි යැයි අවධාරණය කරනු කැමැත්තෙමු.
කෙසේ වෙතත් පසුගිය රිවිර පුවත්පතක් විසින් කරන්නට යෙදුන මනා හෙළිදරව්වත් සමගින් ජයන්ත කළුබෝවිලගේ දිස්ත්‍රික්ක සංවිධාකයන් අවුල් වෙන්නට පටන් ගත්තේය.
මේ ලිපිය පළවිමත් සමගින් මෙම සංහිදියා චාරිකාව සංවිධානය කිරිමට විවිධ වගකිම් භාරගෙන තිබු සංවිධායකයන් විවිධ සැක සංකා ඇතිකොට තිබුණි.
ඇතැමුන් මගඅරින්නට පටන් ගති.
මීගමුවේ සංවිධාන කටයුතු භාරව සිටි සංවිධායකන් පවා මේ ගැන මානව හිමිකම් ලොක්කාගෙන් ප්‍රශ්ණ කරන්නට පටන්ගෙන තිබුණි.
තමන්ගෙන් ගැලවි යන්නට යන සංවිධායකයන් යළිත් ගැටගසා ගැනිම සදහා මානව හිමිකම් ලොක්කා තවත් කෙප්පයක් ඇද බෑවේය.එනම් ඒ තමන්ට එරෙහිව රිවිර පුවත්පතේ පළවු ලිපියට එරෙහිව පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිලි කර ඇති බවත් රිවිර පුවත්පතට නඩු පවරන බවත් සදහන් කරමින් ලිපියක් තමන්ගේ දිස්ත්‍රික් සංවිධාකයන් වෙත භාර දෙමිනි.එත් ඒ ලිපිය නිවරදිව කියවා ගත් ඇතැම් ක්‍රියාධරයන් යළිත් කළුබෝවිලගෙන් අසන්නට පටන් ගති.
එහෙත් රිවිර පුවත්පතේ ලිපිය මගින් කර තිබුණු කිසිදු හෙළිදරව් කිරිමක් ගැන පැහැදිලි කිරිමක් ඒ ලිපියේ සදහන් නැත.
තතු මෙසේව තිබියදි රටට ඇන්දු මානව හිමිකම් ලොක්කා විසින් සංවිධානය කරන්නට යෙදුන සංහිදියාව වෙනුවෙන් යැයි කියන චාරිකාවක් මීගමුවට පැමිණිමට නියමිත අතර එය සංවිධානය කිරිමේ වගකිම මීගමුව සමාජ සේවකයන් පිරිසක් විසින් භාරගෙන ඇත.
මේ සදහා ප්‍රදේශයේ දේශපාලකයන්ටද ඇරයුම් කර ඇතැයි සදහන්ය.ප්‍රදේශයේ ආගමික නායකයන් කැදවා ගැනිමටද මීගමුවේ සංවිධාකයන් විසින් විවිධ උත්සාහ ගනිමින් සිටින බව වාර්ථා වේ.
ජයන්ත කළුබෝවිල යනු මේ රටේ යුද්ධය පැවැති සමයේ යුද්ධයට ආවඩා රණවිරුවන් වෙනුවෙන් වෙන්නප්පුව නගර මධ්‍යයේ බැනර් දැමු යුදවාදියෙකි.
සංහිදියාව රටතුල ඇති කිරිම සදහා අවංක ප්‍රතිපත්ත ගරුක උත්සාහයයන් වැඩිවැඩියෙන් අවැසි සමයක මේ කළුබෝවිලලා දැන් එය ජෝක් කරන්නට පටන්ගෙන තිබේ.
රිවිර පුවත් පත විසින් රාජ්‍ය ලාංඡනය අවභාවිතා කරමින් ජයන්ත කළුබෝවිලලා කර ඇති බරපතල නිතිවිරෝධි වැඩ ගැනද කදිම හෙළිදරව්වක් ඇත.
පුදුමයට කරුණ වි ඇත්තේ මේ රටේ ඇතැම් දේශපාලනයන්වද ,සාමාජ සේවකයන්ව පමණක් නොව පොලිසියද ඇන්දවිමට මේ අය කටයුතු කර තිබිමය.මීගමුවේ පොලිසිය මේ ගැන කෙසේ නම් ක්‍රියාත්මක වේවිද ?http://www.rivira.lk/online/2016/08/27/%E0%B6%BB%E0%B7%96%E0%B6%B4-%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F-%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94-%E0%B7%84%E0%B7%94%E0%B6%B1%E0%B7%94-%E0%B6%9C%E0%B7%91-%E0%B7%83%E0%B7%8F/
Save
Save
Save
Save
Save