රටවල් 21 ක් ලංකාවට යන්න එපා යැයි සංචාරකයන්ට කියලා ?

0
166

ශ්‍රී ලංකාවට සංචාරකයින්ට ඇතුළුවීම සඳහා පනවා ඇති සංචාරක සීමාවන් ඉවත් කිරීම සඳහා සංචාරක අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව කටයුතු කරමින් සිටින බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

කෝවිඩ් -19 තත්ත්වය හේතුවෙන් රටවල් 21 ක් දැනට ශ්‍රී ලංකාවට සංචාරය කිරීම තහනම් කර ඇති බව අමාත්‍යවරයා පවසා ඇත.
එ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා නෝර්වේ, බහරේන්, නේපාලය, ජපානය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කටාර් සහ වියට්නාමය සමඟ සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත.

මීට අමතරව ශ්‍රී ලංකාවට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ලොව පුරා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට උපදෙස් දුන් බව අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව ලබන මාසයේ සිට රුසියාවේ සහ නැගෙනහිර යුරෝපීය වෙළඳපොලේ නව ප්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීමට තීරණය වි තිබේ.