රටේ වැදගත්ම අමාත්‍යාංශ ගැන කතා කරද්දී මුළු විපක්ෂයේම ආසන හිස් වෙලා -රන්ජන් රාමනායක !

0
40

Ranjan-Ramanayake newවැරදි ආකාරයෙන් සමෘද්ධිය ලබාගන්නා සමෘද්ධිලාභීන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් නිවැරැදි සමීක්ෂණයක් සිදු කරන බවත් සමාජ සවිබල ගැන්වීම්,සුබ සාධන හා කන්ද උඩරට උරුමය රජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,සමාජ සවිබල ගැන්වීම්,සුබ සාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය වැයශීර්ෂය විවදයට එක්වෙමින් රජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

රටේ වැදගත්ම අමාත්‍යාංශ ගැන කතා කරද්දී මුළු විපක්ෂයේම ආසන හිස් වෙලා.සමහරු මේ වෙලාවේ කේලම් කියනවා ඇති සමහරු හොරකම් කළ සල්ලි ගනිනවා ඇති. අද මම හිතනවා මේ ගැන ජනමාධ්‍යයෙන් පෙන්වනවා නම් හොඳයි කියලා.

වැරදි ලෙස සමෘද්ධිය ලබාගන්නා සමෘද්ධිලාභීන් ඉවත් කිරීමට කටයුතු කරනවා.ඒ සම්බන්ධයෙන් නිවැරැදි සමීක්ෂණයක් සිදු කරනවා.මේ වනවිට සමෘද්ධි බැංකු 1074ක් පිහිටුවා තිබෙනවා. මෙම බැංකු හරහ සමෘද්ධිලාභීන්ට විවිධ වැඩසටහන් දියත් කර තිබෙනවා.වැඩිහිටි මහලේකම් කාර්යාල හරහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි.

සමෘද්ධී සංවර්ධන මණ්ඩලය මගින් ඉටු කරන සේවය ගුණාමක බවින් ඉහළ බව කිව යුතුයි.අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමෘද්ධී ලැබි නොයුතු අය දීමනාව ලබා ගන්න බව කීවා දැනට කොටසක් තොරාගෙන තිබෙනවා ඒවා විධමිත්ව කරන්න අපි කටයුතු කරනවා.කරුණාකරලා දේශපාලන අතකොලු වෙන්න එපා කියලා මම සමෘද්ධි නිලධාරින්ගනේ ඉල්ලා සිටිනවා,ඉතාම දුක්ඛිත ජවීතයක් ගත කරන මේ කොටස වෙනුවෙන් ජීවිතය කැප කරන්න කියලා මම ඉල්ලනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.