” රටේ වෙනත් පළාත් වල ජීවත් වෙන ජනතාව හිතන්නේ මීගමුව කුඩු පුරයක් කියලා “” “අනුර කුමාර දිසානායක” මීගමුවේදී කියයි

0
250

 

එලඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කරලීම වෙනුවෙන් පවත්වනු ලබන ජනරැලි මාලාවේ තවත් එක්  ජනරැළියක් ඊයේ එනම් 2024/08/ 27 වැනි අඟහරුවාදා දින සවස මීගමුව නගරයේදී පැවැත්විණි.
“” රට අනුරට “”  යන තේමා පාඨය පෙරදැරි කර ගනිමින් මීගමුව බස්නැවතුම්පොළ ආසන්නයේ පැවැත්වූ  මෙම ජනරැලිය, සඳහා ප්‍රධාන ආරාධිත කතිකයා බවට සහභාගි වූයේ ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සහ එහි නායක අනුර කුමාර දිසානායක මහතායි.
මෙම ජනරැලිය අමතමින් ඔහු කියා සිටියේ එළැඹෙන සැප්තැම්බර් 21 දායින් පසු මෙරට පාලනය කිරීම සඳහා නියමාකාර ආණ්ඩුවක් බිහිකරන බවයි.ඉකුත් රාජපක්ෂ පාලන කාලයේ රට පාලනය වූයේ ඥාතීන් පිරිවරා ගත් පවුල් පාලනයක් මගිනි.එමෙන්ම මේ වන විට ගජ මිතුරු කල්ලියක් විසින් රට පාලනය කරන බවද ඔහු ප්‍රකාශ කළේය. ඒ නිසා මෙතෙක් අප රට පාලනය කළේ පවුල් සහ කල්ලි පමණක් බව අවධාරණය කළ ඔහු එළඹෙන ජනාධිපතිවරණයෙන් පසු රට පාලනය සඳහා නියමාකාර ආණ්ඩුවක් පත් කරන බවට ප්‍රකාශ කළේය.
අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ වර්තමාන ආණ්ඩුවේ වැඩිමනක්ම සිටින්නේ උපදේශකවරුන්  පමණක් බවයි , ජනාධිපතිවරයා සමගින් සිටින ආශු මාරසිංහ . සාගල රත්නායක . අකිල විරාජ් කාරියවසම්   උපදේශකවරුය.එලෙසම පහුගියදා අමාත්‍ය ධුර අහිමිවූ හරින් ප්‍රනාන්දු ද මනුෂ නානායක්කාරද උපදේශකවරුන් ලෙස පත්කර ඇත. එම උපදේශකවරුන්ට ආණ්ඩුවේ වාහන, ආණ්ඩුවෙන් වැටුප්, ආණ්ඩුවෙන් මුදල්, ආණ්ඩුවෙන් ආරක්ෂාව සහ ආණ්ඩුවෙන් තෙල් ලබාදෙන බව ඔහු පවසයි. ඔහු මෙහිදී රැස්ව සිටි  ජනතාවගෙන් ඉල්ලා සිටියේ, ආශු මාරසිංහගෙන් සහ අකිල විරාජ්ගෙන් උපදේශනයන් ලබා ගන්න රනිල් වික්‍රමසිංහයන් කෙතරම් මෝඩ ඇත්දැයි සිතා බලන ලෙසයි. ඔහු ප්‍රකාශ කරන පරිදි උපදේශකවරයෙක්  බවට පත් විය යුත්තේ තමන්ට වඩා යම් විෂයක් සම්බන්ධව හසල දැනුමක් ඇති එක්ස්පර්ට් කෙනෙකු හෙවත් විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයෙකු බවයි. ඒ අනුව  ඔහු පවසන්නේ මේවා ආණ්ඩු නොව  කල්ලි බවයි. ඒ නිසා මෙතෙක් රට පාලනය කල පවුල් සහ කල්ලි වෙනුවට පළමු වතාවට රටට ආණ්ඩුවක් පත්වන්නේ එළඹෙන 21 දා යින් පසුව බව ඔහු අවධාරණය කළේය.

ඒ අනුව ඔහු පවසන්නේ සැප්තැම්බර් 21 දායින් පසුව පිහිටුවන ආණ්ඩුවේ අමාත්‍ය ධුර 25 ක් ඇති බවයි. රාජ්‍ය ඇමතිකම් එම ආණ්ඩුවේ නොමැති බවත්. නියෝජ්‍ය අමාත්‍ය ධූර පමණක් ඇති කරන බවද ඔහු පැවසීය. ඔහු පවසන්නේ රාජ්‍ය අමාත්‍ය ධූරය යනු ” කොලේ වහලා ගහන ගැහිල්ලක්” බවයි . ආණ්ඩුවෙන් වරදාන වරප්‍රසාද ලබාදෙන එවැනි රාජ්‍ය අමාත්‍ය ධූර ඇති කිරීම නිශ්ඵල බවයි ඔහු පවසන්නේ. නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පිහිටුවීමේදී ඒ සඳහා සුදුස්සන් තෝරාගන්නේ ඒ ඒ විෂයන් ගැන හසල දැනුම  පලපුරුද්ද ,අත්දැකීම් ඇති  අවංක එලෙසම පවරන කාර්යය අත් නොහලා හොඳින් ඉටු කරන බවට විශ්වාස කළ හැකි ධෛර්යවන්ත පුද්ගලයන්ට බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.
විටෙක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ අපේ රට දුප්පත් රටක් බවත් එහෙත් ලොව කිසිදු රටක් අප රට  ගණන් නොගන්නා  තත්ත්වයකට පත්ව ඇති බවයි. එලෙසම  ඔහු පැවසුවේ රටක් පිළිගැනීමට ලක් කරන්නට නම් නීතියට ගරු කරන රජයක්  තිබිය යුතු බවයි. එමෙන්ම අපේ රටේ ජනාධිපතිවරු ශ්‍රේෂ්ඨාධිකරණයේ වැරදිකරුවන් වී තිබෙන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ක්‍රියාත්මක නොකරන බවත්,ඔහු පැවසීය .එලෙසම වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන්නැයි  ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවක් ජනපති රනිල් වික්‍රමසිංහයන් ක්‍රියාත්මක කර නොමැති බවත්,එමෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර රනිල් වික්‍රමසිංහ ජනපතිව වැරදිකරුවෙකු කර ඇති බවත් සඳහන් කළ ඔහු හිටපු චන්ද්‍රිකා ජනපතිනියටත්  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඩ ගැසූ බව ත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාටත් කෝටි 10 ක වන්දි මුදලක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අන කල බවද පැවසීය.. ඒ වගේම මහින්ද සහ ගෝඨාභය යන හිටපු ජනාධිපතිවරුන්ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවන් වී ඇති බවද සඳහන් කළ ඔහු  එහිදී වැඩිදුරටත් පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙලෙස වරදකරුවන් කරනු ලැබූ නායකයන් සිටින රටක් ලෝකයේ තවත් කිසිවෙකු  පිළිනොගන්නා බවයි.

එනිසා ඔහු පෙන්වා දුන්නේ මේ රට ලෝකය තුළ පිළිගත හැකි රටක් බවට පත් කිරීමට නම් නීතිය සැමටම සමාන විය යුතු රටක් බවට පත් කළ යුතු බවයි. එහිදී රැස්ව සිටි ජනතාවගෙන් ඔහු ප්‍රශ්න කර සිටියේ අද අපේ රටේ නීතිය ඉදිරියේ සැවොම සමාන ද යන්නයි. එලෙස අද නීතිය ඉදිරියේ සැවොම සමාන නම් ලන්සා අමාත්‍යවරයා පාර්ලිමේන්තු පැමිණීමට විදිහක් නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.
” මතකද එදා එස්.ටී.ඵෆ් එකෙන් ගේ වට කරපු වෙලාවේ, විනාඩි පහක්වත් ගියේ නෑ හෙලිකොප්ටරයක් බෑවා.එදා ඒක කරන්න හම්බ වුණේ නෑ. ඒ කියන්නේ මොකක්ද ,නීතිය ඉදිරියේ හැම දෙනාම සමාන නෑ. අපි ලෝකයේ පිළිගැනීමට භාජනය වෙන්න නම් ,අපි හදන්න ඕන රටක්,. නීතිය ඉදිරියේ හැමෝම සමාන රටක් , අන්න ඒක හදනවා ජන බලවේග ආණ්ඩුවක්.”

තවත් එක් අවස්ථාවකදී අනුර කුමාර දිසානායක මහතා   මීගමුව ප්‍රදේශය පිළිබඳවද කතා කළේය. ” රටේ විශාල මත්කුඩු ජාවාරමක් තියෙනවා. විශේෂයෙන්ම මීගමුව, විශේෂයෙන්ම මීගමුව ජනතාව මීගමුව ගැන දැනගෙන හිටියට, රටේ වෙනත් පළාත් වල ජීවත් වෙන ජනතාව හිතන්නේ මීගමුව කුඩු පුරයක් කියලා.නැද්ද. හැබැයි අපි අනුරාධපුරේ පොළොන්නරුවේ කෙනෙක්ගෙන් ඇහුවොත් කොහොමද මේ  මීගමුව කියලා, අපෝ කුඩු, ඇයි ඒ , ලොක්කා කුඩු .එතකොට පළාතම කුඩු තමයි කියලා හිතනවා.හැබැයි මත්ද්‍රව්‍ය විශාල ව්‍යවසනයක් වෙලා තිබෙනවා” යනුවෙන් ප්‍රකාශ කළ ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මත්කුඩු, පාතාලය සහ  මේ දේශපාලනය අතර සබඳතාවයක් ඇති බවයි. ඒ අනුව මත්කුඩු ව්‍යාපාරය, පාතාලය මැඬලන  ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බවත්,ඒ ආණ්ඩුව ජන බලවේග ආණ්ඩුව බවත් ඔහු අවධාරණය කළේය.

මෙම ජන රැළියේදී ජාතික ජන බලවේගයේ විධායක කමිටු සභික මහින්ද ජයසිංහ මහතා සහ සමාජ ක්‍රියාකාරිකයකු වූ සරත් ඉද්දමල්ගොඩ පියතුමා ඇතුළු  පිරිසක් දෙසුම් පැවැත්වූහ.  ජාතික ජන බලවේගයේ සංවිධායකවරුන්, ක්‍රියාකාරීහු සහ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක්ද මෙම ජනරැළිය  සඳහා සහභාගි වූහ..