රටේ සංහිදියාවට එරෙහි වන ලලිත් වනිගරත්නලා ගැන ජනාධිපති කියන්නේ මොකක්ද ?

0
51

lalith waniරටේ ජනාධිපති මෙන්ම අගමැතිවරයාද ලෝකේ වටේ යමින් කියමින් සිටින්නේ ශ්‍රිලංකාව සංහිදියාව මේ රට ගෙන යාම සදහා මහත් පරිශ්‍රමයක් යොදවන බවය.
එහෙත් වත්මන් රජයේ ඇමතිධුර හොබවන ඇතැම් දේශපාලකයන්ගේ කෙරුම් දෙස බලන විට පෙනි නොදියුණු මිනිස් සමාජයකවත් නොතිබුන ආකාරයේ ගෝත්‍රවාදි මානසික රෝගවලින් පෙලෙන භායනක විෂකරු සර්පයන් සේය.
මීගමුව යනු දේදුණු නගරයකි.එහි සියළු ආගම් සහ ජාතින් සාමයෙන් දිවිගෙවති.
එහෙත් බස්නාහිර පළාත් සභාවේ ඇමතිධුරයක්ද හොබවන ලලිත් වනිගරත්න විසින් අද කටානේ පැවැති රැස්විමකදි වලිගය ඔසවා යහපාලනයට එරෙහිව උම්බෑ කියා ඇත.
කටාන ප්‍රදේශයේදි ඔහුව ගම්වාසින් හදුන්වන්නේ කයිතන් යන නමිනි.
ඒ ඇයිදැයි අප නොදනිමු.
එහෙත් අපට මෙහිදි කියන්නට ඇත්තේ දමිල පාසැලක සිටින උසස්ම අධ්‍යාපන සුදුසුකම් සහිත ප්‍රතිපත්ති ගරුක පාසැලට අතිශය ආදරය කරන විදුහල්පතිවරයෙකුව ඉන් ඉවත් කළ යුතු යැයි පළාත් සභා ඇමති ලලිත්  වනිගරත්න විසින් අද මීගමුව අධ්‍යාපන කාර්යාලයේ  නිළධාරින් හට පවසා ඇත.
එයට උඩගෙඩි දෙමින් පළාත් සභා මන්ත්‍රි ආනන්ද හරිස්චන්ද්‍ර හෙවත් රොකට් මන්ත්‍රි ලෙසින් විරුදාවලියක් ලබා සිටින අයෙකුද මෙසේ යහපාලන රජයේ සංහිදියාව එරෙහිව ගිරිය පුප්පා ඇත.
මෙසේ ඒ විදුහල්පතිවරයාව මාරුකළ යුතු යැයි කියන්නට ඇති එකම හේතුව වි ඇත්තේ ඔහු මුස්ලිම් විමය.
ලලිත් වනිගරත්ලා දැන් කාලයක පටන් මේ පාසැලෙන් මේ විදුහල්පතිවරයාව ඉවත් කිරිම සදහා දැවැන්ත කුමන්ත්‍රණයක් දියත් කර තිබේ.
අප දැන් බලා සිටින්නේ ස්වාධින රාජ්‍ය සේවයක් ස්ථාපිත කර ඇති යහපානය රජය යටතේ මීගමුවේ අධ්‍යාපන බලධාරින් ක්‍රියාත්මක වන අන්දම ගැනය.
මෙය මීගමුවේ අධ්‍යපාන බලධාරින්ගේ ප්‍රතිපත්තිගරුක රාජ්‍ය සේවය පිළිබද ලිට්මස් පරික්ෂණය වනු ඇත.
අප මේ දෙස මහත් විමසිල්ලෙන් බලාසිටින්නෙමු .