”රටේ සංහිදියාව වෙනුවෙන් කැපවන්න”.පාප්තුමන් රදගුරු මණ්ඩලයෙන් ඉල්ලා සිටි.

0
58

සෑබෑ  සංහිඳියා ක්‍රියාදාමයක් රට තුල ක්‍රියාත්මක නොවිම රට දිනෙන් දින අර්බුදයට යවන්නට ප්‍රධාන හේතුවක් බවට පත්වෙමින් තිබේ.
ජාත්‍යන්තරය හමුවේ උත්තර බැදිම සදහා පමණක් වන මේ රජයේ  යෝජනා සහ නිර්දේශ රට තුල ක්‍රියාත්මක කිරිමට මේ රජය කිසිදු අව්‍යාජ උත්සාහයක් ගන්නා බවක් පෙනෙන්නේ නැත.

මේ තත්වය අද රට බරපතල අර්බුදයක් වෙත යවමින් තිබේ.
මේ අතර ශ්‍රි ලංකාවේ රදගුරු මණ්ඩලය මේ දිනවල රෝමයේ වකිකානු නුවර සංවාරයක නියැලි සිටිති. ඒ ලබන ජනාවාරි මාසයේ ශ්‍රි ලංකාවට පැමිණිමට නියමිත ප්‍රැන්සිස් පාප්තුමන්ගේ සංචාරය ඇතුළු තවත් වැදගත් කරුණු රැසක් කථා කරගැනිම සදහාය.
මෙහිදි ශ්‍රි ලංකාවේ සංහිදියාව වෙනුවෙන් කැප වන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විශේෂ ඉල්ලිමක්ද ශ්‍රී ලාංකික රදගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

අගරදගුරු කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපානන් ප්‍රමුඛ ශ්‍රී ලාංකික රදගුරුවරුන් පිරිසක් සෙනසුරාදා රෝමයේදී මුණගැසුණු අවස්ථාවේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ ඉල්ලීම කර තිබේ.

pop 1