රට ඇරෙද්දි, ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් ගණන ඉහලට ?

0
114
Life with Corona

හෙට සිට රට විවෘත කරමින් සියළුම සේවකයන් හට රැකියාවන් සදහා වාර්තා කරන ලෙස රජය දැනුම් දි තිබේ.මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවමින් කියා ඇත්තේ ලංකාවද ඇතුළුව ලෝකයේ රටවල් කිපයකම තත්වය නරක අතට හැරෙමින් ඇති බවය.
පසුගිය දින 5 ක් තුල කොරෝනා ආසාදිත මරණ 294 ක් සිදුව තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉකුත් 24 පැයේ කොරෝනා ආසාදිතයින්‍  1242 වාර්තාවන බව  බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කර ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර සිටි.මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 66,440 දෙනකු දක්වා ඉහළ ගොස් ඇතැයි වැඩිදුරටත් එම පුවතේ දැක්වේ .
මෙවන් පසුබිමකදි රට මේ ආකාරයෙන් විවෘත කිරිම දැඩි අවධානම් තත්වයක් නිර්මාණය කිරිමට තුඩු දෙනු ඇතැයි සෞඛ්‍ය විශේෂඥයින් පවා දැනටමත් අනතුරු අගවා තිබේ
කොරෝනා පැතිරෙද්දි විද්‍යාව වෙනුවට මිත්‍යාව තෝරාගත් මේ රජය යළිත් සෞඛ්‍ය පිළිබද විශේෂඥයන්ගේ උපදෙස් වෙනුවෙන් හමුදාවේ උපදෙස් මත රට කරවන්නට යන බව පෙනේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here