රට යන අත ගැන කියන්න පුලුවන් සරලම විදිය …

0
111

කියන්න පුළුවන් සරලම විදිහට. මේ අන්ත හිරිකිත ජඩ ආණ්ඩුව,

1. 28කට රට වහන්නෙ මොකටද කියල පටන් ගත්තෙ.

2. තොණ්ඩමන්ගෙ අවමගුල නැටුව

3. ඡන්දෙට කලින් කීවා අපි ලෝකෙන් එක කියල. මර්ධනය කරල ඉවරයි කියල ප්‍රකාශ කරා. මිනිස්සු ඡන්දෙ දාන්න යැවුවා.

4. මේක අස්සෙත් ජාතිවාදෙ ඇද්දා මිනී පිච්චීම් හරහා. රටේ නැති පල් බොරු කිව්වා වෝටර් ටේබල් ගැන. දැන් අන්න මිනී වලලනව. කොහෙවත් වතුරෙන් ලීක් වෙලා ලෙඩ වෙලාද?

5. ආණ්ඩුවට සපෝට් කරන උන්නතිකාමී මැන්ටල් GMOA නායකයන් පිස්සු කෙලිය. ඇමතිවරු මුට්ටි ගඟට අතඇරිය. ඒලියන්ත සෘද්ධි බලෙන් කරන්න හැදුව.

6. පැණියක් කියල විකාරයක් නැටුවා. ඒ පැහැදිලි තනි පල් බොරුවට මිනිස්සු දාස් ගාණෙන් එකතු වෙන්න දීලා බලාගෙන හිටිය. එදා කරපු මිත්‍යා කැම්පේන් එකට පිංසිද්දවෙන්න අදටත් සමහරු එන්නත් ගහන්නෙ නෑ.

7. එන්නත් පරක්කු කරා.

8. PCR නෑ. වාර්තා නෑ. මැරුණම රිපෝට් වෙන්නෙ නෑ

9. එන්නතුත් මිලිටරිකරණය කරා. මේකට වෙන වෙලාවකනම් GMOA එක රට දෙවනත් කරනව. මීක් නෑ.

10. බැසිල් කෙලිම්ම කිව්ව අපි යුක්‍රේන් ටුවරිස්ට්ලා ගෙනාවෙ ටෙස්ට් කරන්න කියල.

11. ඉන්දියාවෙ කෙලමවෙලා තියෙද්දි එන්න කියල කතා කරල ටුවරිස්ට්ලා ගෙනාව.

12. ජනපති, අගමැති, මුදල් ඇමති එකෙක්වත් ප්‍රසිද්ධියෙ එන්නත් ගහල නෑ. අනුර කුමාර ගහනකොට හරක් හිනාවෙනව.

13. කිසිම දෙයක් ගැන විශ්වාස කරන්න බැරි තත්වෙකට ගෙනාව. දැන් අපි ඉන්නෙ එතන.ඔය සෘජුව කොරෝනා වල සෞඛ්‍ය පැත්ත සම්බන්ධ දේ. කොරෝනා දේශපාලන මර්ධන ආයුධයක් විදිහට භාවිතා කරල මේ දවස්වල ලස්සන ගේම් ටිකක් ආණ්ඩුව ගහනව.

අද වෙනකොට කලුබෝවිල රාගම පිරිලා ඇඳං මුකුත් නෑ. ඒත් බස් කෝච්චි වල දසදහස් ගානිං පලයල්ලා කියල ඇරලා තියෙන්නෙ. ප්‍රශ්නෙ පත්තු වෙලා තියෙන්නෙ. රැලි තුනක් ඇවිත් ගිහිං තියෙන්නෙ. පොරටෝක් ලොරි ගණන් විතරයි. ඔය ඔක්කොම අමතක කරලා, උද්ඝෝෂණ වලට විතරක් අම්බානක බය වෙන සෙට් එකක් ඉන්නව. එයාල දවස් දෙක තුනකට කලින් හිටියෙ හැට්ට කට්ටකින්වත් ගොඩ යන්න පුළුවන්ද බලාගෙන. ආණ්ඩුව තමන්ට ඕන දේශපාලනය කොරෝනා වලට මුවා වෙලා කරනව. එයාලට තමන්ට ඕන දේශපාලනය කරන්න උද්ඝෝෂණ ඕන නෑ. එහෙම බලයක් නැති මිනිස්සුන්ට ජීවිතය පරදුවට තියල තමා සටන් කරන්න වෙලා තියෙන්නෙ. ආණ්ඩුවටම ඡන්දෙ දුන්නු අය පාරට බැහැල ඉන්නෙ ඒ තරමට තත්වෙ අමාරු සහ එපා වෙලා නිසා බව තේරෙන්නෙ නැත්තං මට තේරුම් කරන්න බෑ.

– දුමින්ද රත්නායක –