රණේ අයියේ !! ඔබට නිවන් සුවයම ලැබේවා !!!

0
113

අපේ උන් එකා පිට එකා මහමඟ මියයන්නේ ඇයිදැයි මට නොතේරේ. මීට මසකට පෙරඅඩි හයක් යට වැළලුනු පසන්ගේ සිරුර පොලවට පස් වෙන්නටත් පෙර තවත් එවැනිම හිත හොඳ මිනිසෙකු වූ පොළොන්නරුවේ “රණේ අයියාත් ” අද වෙන විට අප අත හැර ගොසිනි.
සරල සහ අහිංසක ජීවිතයක් ගත කල රණේ අයියා ජීවත්වීම උදෙසා අනවරත අරගලයක යෙදී සිටි මාධ්‍යවේදියෙකි. එක් අතකින් ඔහුට පීඩා විඳි වකුගඩු රෝගයත් , අනෙක් අතින් ජීවන බරත් මහත් අසීරුවෙන් උසුලා සිටි රණේ අයියා තමන්ට හිමි සොච්චම් වැටුප හෝ කලට වෙලාවට ගෙවන ලෙස ඉල්ලා මාධ්‍ය ආයතන සමග ගැටුනේ වරක් දෙවරක් පමණක් නොවේ.
කුමන අසීරුකම් තිබු නමුත් සිය පෑනනොබියව හැසිර වූ රණේ අයියා මියයන්නට දෙසතියකට පෙරත් නාදුනන පිරිසකගේ තර්ජනයට ලක් වුයේ ඒ නිසාවෙනි..
දන්නා තරමින් කුරා කුහුඹුවෙකුටවත් වරදක් නොකළ රණේ අයියගේ වියෝව මාධ්‍ය ක්ෂේත්‍රයට මෙන්ම මුළු මහත් සමාජයටම පිරිමැසිය නොහැකි අඩුවක් වනු නියතය. අපෙන් සමුගෙන ගිය Rane
අජන්ත බණ්ඩාර