රත්රන් කිලෝ 7.7ක් මෙරටට ගෙනා දෙදෙනෙකු ගුවන්තොටුපලේදී අත්අඩංගුවට..

0
65

19182736323-bia-gold-confiscatedරුපියල් මිලියන 40ක් වටිනා රන් භාණ්ඩ තොගයක් මෙරටට ගෙන ඒමට උත්සහ කල ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ රේගු නිලධාරීන් සමත්වී තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණ ඇති බවයි වාර්ථා වන්නේ.

මොවුන් කිලෝග්‍රැම් 7.7ක් බරැති මෙම රත්රන් තොගය පැකට් 8ක ඔතා ඔවුන්ගේ  කලිසම් තුල සගවාගෙන පැමිණ ඇති අතර මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රදෙශයේ පදිංචි වයස අවුරුදු 41ක් හා 49ක් වයැසැති කාන්තාවන් දෙදෙනෙකි.

වැඩිදුර පරීක්ෂණ කිරීමෙන් අනතුරුව මෙම රන් තොගය රාජසන්තක කර ඇති අතර එම කාන්තාවන් දෙදෙනාට රුපියල් මිලියන 2.5ක දඩයක් නියම කිරීමනේ පසුව නිදහස් කල බව ශ්‍රී ලංකාරේගු නියෝජ්‍ය අධ්‍යක්ෂක පී.ජේ.බී.බස්නායක මහතා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here