රතුපස්වල ජනයා බිය කිරිමට පොලිසිය දැමු නියෝග බාහුලා කඩයි ..

0
44

bahu 1රතුපස්වල පවතින ජල ගැටළුවට ස්ථිර විසදුම් පතා පෙළගැසෙන ජනතාව යළි බිය ගැන්විම සදහා පොලිසිය කියා තිබුනේ රතුපස්වල ගමේ තිදෙනෙකුට වඩා එක තැන රැස්විම නීති විරෝධි බවය.එසේ තර්ජනය කරමින් රතුපස්වල කම්මල අසල රැස්ව සිටි ජනයාව පළවාහැර තිබේ.
මේ අතර අද දිනයේ සංවිධානය කර තිබුන ජනතාව දැනුවත් කිරිමේ රථ පෙළපාලියද නවතා දැමිම සදහා තර්ජනාත්මක අයුරුන් පොලිසි මැදිහත්ව  තිබුණි.
මේ තත්වයන් වාර්ථාවිමත් සමගින් එහි ගිය සමගි බලවේගයේ ක්‍රියාධරයන් විසින් රතුපස්වල ගමේ ජනතාව හමුවි ඔවුන්ගේ අරගලයට සහය පළකරමින් කුඩා රැස්විමක් පවත්වා තිබුනේ පොලිසිය විසින් දමා නියෝගයට අභියෝග එල්ල කරමිනි.මෙහිදි අචාර්ය වික්‍රමබාහු කරුණාරත්න බ්‍රිටෝ ප්‍රනාන්දු සහ ජල අයිතිය සුරැකිමේ සංවිධානයේ ලේකම් ප්‍රමිත හෙට්ටිආරච්චි මහතාද අදහස් දැක්විමට එක්ව තිබුණි.

 

 

 

ra