රතුපස්වල හිමි ආගිය අතක් නෑ.ජනතා විරෝධය යළිත් පාරට…

0
78

rupasවැලිවේරිය රතුපස්වල ප‍්‍රදේශයේ ඇති වූ ජල ගැටලූව වෙනුවෙන් හඬක් නැගූ පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් අතුරුදන් වී ඇතැයි උන්වහන්සේ සමග උද්ඝෝෂණවල යෙදී සිටි ගම්වාසීන් පවසන බව මාධ්‍ය විසින් පසුගියදා වාර්ථා කර තිබුණි.
පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට අවස්ථා කිහිපයකදී උත්සහ කළද එයද අසාර්ථක බව ඔවුහු පවසති. එහෙත් උන්වහන්සේගේ දුරකථනය කි‍්‍රයා විරහිතව තිබීම නිසාය.

රතුපස්වල ජලගැටලූවට සම්බන්ධ කර්මාන්තශාලාවේ පාලනාධිකාරිය සහ පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් ප්‍රමුඛ පාර්ශ්වයක් අතර පසුගිය දිනක අත්සන් තැබුණු ගිවිසුමක් නිසා වැලිවේරිය ප්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක්ද ඇතිවිය. එහිදී නැගුණු ජනතා විරෝධය හේතුවෙන් ගිවිසුම අවලංගු කිරීමට කටයුතු කරන බවද  උන්වහන්සේ ට කියන්නට සිදුව තිබුණි.
කෙසේ වෙතත් මෙම කර්මාන්ත ශාලව කිසිදු හේතුවක් නිසා එහි ක්‍රියාත්මක කිරිමට ඉඩ නොදෙන බව පවසා සිටින ගම්වාසිහු අද (2013.10.13)දිනයේ  රථ පෙරහැරකින් විදි සංචාර කරමින් පුළුල් විරෝධයකට මුල පුරමින් සිටින බවද වාර්ථා වේ.