රතුපස්වල හිමි සටන පාවා දුන්නාද ?

0
91

Ratu-pass5Ratu-pass6විනිග්‍රොස් සමාගමේ ක්‍රියාකාරිත්වය හේතු කොටගෙන රතුපස්වල සහ අවට ගම්වල ජලමුලාශ්‍ර දූෂ්‍ය විම හේතුවෙන් මතුව ආ අරගලය අද තවත් අදියරකට මාරුවෙමින් තිබේ.
එනම් මෙතෙක් ගම්මුන්ගේ සහය මැද තනිසටන්කරුවෙකුගේ මෙහෙයුමක් යටතේ පැවැති  අරගලය ඔහු විසින් සිය සටන් සගයන් හට පවා නොදන්වාම වනගත විම නිසා නව නායකත්වයක් යටතේ එය ඊළග අදියරට පිවිසමෙන් තිබෙන බවය.
රතුපස්වල පිඩාවට පත් ජනතාව වෙනුවෙන් පොලිසිය සහ කර්මාන්තශාලාවේ ප්‍රධානින් සමගින් පැය 6 ක් පැවැති සාකච්ජාවට සම්බන්ධ වු තේරිපැහැ සිරිධම්ම හිමි සහ විද්වත් කමිටුව මාස 6 ක කාලයකට සටන් කළ සහ ඒ වෙනුවෙන් අනේක පිඩා විදි ජනයාගෙන් විමසන්නේ නැතිවම අත්සන් තැබු ගිවිසම අද බොහෝ දේ හෙළිකරන්නට පටන්ගෙන තිබේ.
එය තවත් මාස 6 ක කාලයක් සදහා විනිග්‍රොස් සමාගමට නැවත නිෂ්පාදන කරගෙන යාමට අවසර ලබා දි තිබේ.
මොනයම්ම හෝ හේතුවක් නිසා යළි කිසිසේත්ම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරිමට ඉඩ නොදෙන බවට සපථ කළ ජනතාව අද අන්දමව සිටින්නේ තමන්ගෙන් විමසන්නේ නැතිව මේ තින්දුව ගත්තේ කව්ද කා වෙනුවෙන් ද යනුවෙනි.
මෙම ගිවිසුම අවියක් කරගත් පොලිසිය දැන් දගලන්නේ එය අධිකරණය හරහා අනුමතකරවා ගැනිමටය.
මේ අතර දින කිපයක් අතුරුදහන්ව සිටි රතු පස්වල හිමියන් හිටි හැටියේම ගම්පොලින් මතුව පුවත්පත් සාකච්ජාවකදි දැන් කියන්නේ අල බහින කම් ඉවසු ජනතාව  අල ඉදෙනකම් නොඉවසන්නේ මන්ද යැයි කියමිනි.
එමෙන්ම විවිධ රටවලින් රාජ්‍ය නායකයන් පැමිණිමට නියමිත හෙයින් රට අපකිර්තියට පත් නොකල යුතුව ඇතිය යන අදහසද මාධ්‍ය විසින් මතුකර තිබුනේ රතුපස්වල හිමිගේ ප්‍රකාශයන් ලෙසය.
මේ සියළු අර්බුදයන් ඔස්සේ ගමේ ජනයාට පස් දනෙකුට එකට එක්ව සිටිය නොහැකි යැයි කියමින් පොලිසිය නව නිති පනවා ඇත.
මේ සියල්ලට අභියෝග කරමින් ජල අයිතිය සුරැකිමේ අරගලයේ නියමුකවු ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා පොලිස් නියෝග කඩකරන සිවිල් ව්‍යාපාරයක අව්‍ශ්‍යතාවක් අවධාරණය කර තිබුණි.ඒ ඔහු අද කොළඹදි සමගි බලවේගයේ නායකයන් සමග පැවති විශේෂ සාකච්ජාවකදිය.