රථයක්, වළක් සහ නගරයක් ?

0
63

අද සවස 4.20 ට පමණ මීගමුව නගරය මැද ඇති සුපර්මාර්කට් ගොඩනැගිල්ල ලග නැවැත්වූ වාහනයක එක් රෝදයක්  නොසිතූ ලෙස ඒ අසල තිබූ වලකට වැටුණි. මෙහි පැමිණ තරුණ රියදුරු මහතා ඒ අසලම මෙම  වාහනය නවතා ඔහුගේ කාර්්‍යය නිමවු පසු නැවතත් රිය පණ ගන්වාගෙන යන ලදී.  ඒ අවස්ථාවේදී නැවතත් එක් රෝදයක් අර වලටම වැටුණ අතර ලොකූ අවුලක් නොවී ඔහුු රථය හසුරුවාගත්තේය. ඒ අසල වෙළදාමේ යෙදී සිටි වෙළෙන්දන් පවසා  සිටියේ මෙම වල නගර සභාව විසින් යම් කටයුත්තක් සඳහා කැපූ පසු නැවත පිලිසකර නොකළ බවයි. හරියටම ඔරලෝසු කණුවට කෙලින්ම සුපර්මාර්කට් ගොඩනැගිල්ලේ ඉදිරියෙන්ම පිහිටා ඇති මෙම වල මේ වනතෙක් කිසිවකුටත් නොපෙනීම නම් පුදුම සහගතය. මීගමුව නගර සභාවේ නගරාධීපතිතුමා මේ වනවිට නගර සංවර්ධනය මෙන්ම නගරය සම්බන්ධ බොහෝ කාරණා දැන බලාකියාගෙන එන්නට විදේශ සංචාර කීපයක්ම ගොස් ඇති අතර  ඒවායින්  ගත් ප්‍රයෝජනයක් තිබේ දැයි මීගමුව නගරයේ ඇති වලවල් දකින විට සිතෙයි.  නගරාධිපතිතුමා පමණක් නොව නගර සභාවේ මන්ත්‍රීවරුන් ඇතුළු ගනකාධිකාරවරයා ද මේ වනවිට ඉතා දියුණු නගර සැලසුම් ඇති රටවල සංචාරය කර තිබේ. එම නිසා  නගරය පිළිවෙල හදන්නට අවැසිව ඇත්තේ දැනුම නොව කාර්්‍යයක්ෂමතාවය හා උවමනාව පමණකි. මෙම වළ  හදන්නට එතරම් අමාරු නැතත් මෙයින්  නගරය පාලනය කරනා පුද්ගලයන් පිළිබඳ බොහෝ දැ අපට  කියා දෙයි.20141004_163220