රද්දොළුව පියතුමා බ්‍රිටෝ ප්‍රනාන්දුව පොලිසි ගෙනියයි…

0
68

සීදුව රද්ෙදාාළුව ශාන්ත සිසිලියා දේවස්ථානයේ පුජක ප‍්‍රසාද් පෙරේරා පියතුමා විසින් කරනු ලැබූ පැමිනිල්ලක් මත අද සවස අතුරුදන්වුවන්ගේ පවුල් එකතුවේ සහාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතාගෙන්  පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ සීදුව පොලීසිය විසින් කටඋත්තර ලබා ගෙන තිබේ.
එසේ කටඋත්තර ලබාගෙන ඇත්තේ අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් ශාන්ත සිසිලියා දේවස්ථානය ආසන්නයේ 2000 වර්ෂයේ දි ඉදිකරනු ලැබු අතුරුදහන්වුවන්ගේ ස්මාරකය අසලින් තාවකාලික පියගැටපෙළක් ගොඩනැගීමට එරෙහිව අදාල පියතුමා විසින් කරන ලද පැමිනිල්ලක් මතයි.

ශාන්ත සිසිලියා දේවස්ථානය අසල මෙම ස්මාකරය ගොඩ නැගුනේ 1989 ඔක්තෝබර් 27 වන දින කටුනායක නිදහස් වෙළ`ද කලාපයේ සේවය කළ රංජිත් හා ඔහුගේ නීති උපදේශක ලයනල් සිහිකිරීම පිණිස විය. අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් 1991 සිටම එම ස්ථානයේ රංජිත් හා ලයනල් මෙන්ම අතුරුදහන්වූ සියලූම දෙනා සිහිකිරීම පිණිස වාර්ෂිකවත් අඛන්ඩවත් සෑම ඔක්තෝබර් 27 දිනකම උත්සවයක් සංවිධානය කරනු ලැබු අතර එ් ස`දහා අතුරුදහන්වු පවුල්වල සාමාජිකයන් විශාල වශයෙන් සහභාගී විය. පසුව 2000 වර්ෂයේ දී ආසියනු මානව හිමිකම් කොමිසමේ ද සහයෝගය ඇතිව එම ස්ථානයේ ‘‘අතුරුදහන්වුවන්ගේ සිහිවටනය’’ නමින් ස්මාරකයක්  ඉදිකරන ලදී.

1999 දි මෙම ස්මාරකය ඉදිකිරීමේදී එවකට ශාන්ත සිසිලියා දේවස්ථානයේ ඇන්ටනී සිරිල් පියතුමාත්, නැසීගිය අමාත්‍යවරුන් වන ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ හා රෙජී රණතුංග මැතිතුමාත් නොමද සහයෝගයක් ලබා දෙන ලදී. මෙම සැමරුම් උත්සවය ස`දහා විවිධ අවස්ථාවලදී මැති ඇමතිවරුන් පවා සහභාගී වූ අතර, 2002 වර්ෂයේ දී වත්මන් ජනාධිපතිතුමාද ප‍්‍රධාන ආරාධිතයෙකු ලෙස මෙම සැමරුම් උත්සවයටද සහභාගී විය.

මෙම සැමරුම් උත්සවය ආරම්භකළ 1991 වර්ෂයේ සිටම ශාන්ත සිසිලියා දේවස්ථානයේ හිටපු පියතුමන්ලා මෙන්ම දායක සභාව විවිධ අයුරින් නොමද සහයෝගයක් ලබා දුන් අතර ඉතිහාසයේ ප‍්‍රථම වතාවට 2000 වර්ෂයේ සිට අඛන්ඩව වර්ෂ දෙකක් කතෝලික දේවස්ථානයක් තුළ බෞද්ධ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් දානයක් පිලිගැන්වීම මෙම උත්සවය නිමිති කරගෙන සිදුවීම ඉතිහාස ගතවන කාරණයක් විය. මෙම උත්සවය තුලින් ආගමික සහජීවනය ඉන් ප‍්‍රබලව ඉස්මතු විය. ඉන් පසුවත් අවුරුදු 5 ක් පමණ කාලයක් එම දේවස්ථානය ඉදිරිපිට ගොඩනැගුනු තාවකාලික ශාලාවක් තුළ බෞද්ධ ස්වාමීන්වහන්සේලා වෙනුවෙන් අතුරුදහන්වූවන් සිහිකර දානය පිලියෙල වූ අතර එ් ස`දහා කතෝලික පූජකතුමන්ලා ඇතුළු සෑම ජාතියකට හා ආගමකට අයත් පිරිස් සහභාගී විය. එමෙන්ම සෑම වර්ෂයකදීම එම දේවස්ථානයේ සම්පුර්ණ සහයෝගය මෙම කටයුත්ත වෙනුවෙන් අඛන්ඩව ලබා දෙන ලදී.
මෙම උත්සවයේ ප‍්‍රධාන අවස්ථාවක් වන පුෂ්පෝපහාරය පවතින අවස්ථාවේ ඇතිවන තදබදය යම් පමණකට හෝ අඩුවී යන්නේ තම ඥතීන් සිහිකර පවත්වනු ලබන පුෂ්පෝපහාරයෙන් පසුව දෙමාපියන් කෙලින්ම ස්මාරකයේ දකුණු පස පිහිටා ඇති පියගැටපෙල අවසානයේ ඇති විවරයෙන් පල්ලිය භුමිය වෙත පැමිණෙන නිසාවෙනි.

නමුත් පසුගිය වර්ෂයේ සිට දේවස්ථානය විසින් වසර 20 ක් තිස්සේ ලබා දුන් එම සහයෝගය ක‍්‍රමක‍්‍රමයෙන් අඩුවෙන බවක් අප මෙන්ම උත්සවයට පැමිනි අතුරුදහන්වුවන්ගේ දෙමාපියන් විසින්ද දුටු අතර, පසුගියදා ස්මාරකය දෙපස තිබු නිදහස් පරිසරය සම්පුර්ණ අවහිර වන සේ විශාල තාප්පයක් නව පුජකතුමා විසින් ඉදිකරන ලදී. ඉන් නොනැවතුනු ඔවුන් අවුරුදු 11 ක් තිස්සේ පරිහරනය කරන ලද ස්මාරකය අසලින් ඇති කුඩා පියගැටපෙල අවසානයේ තිබු විවරයද සම්පුර්ණයෙන් බිත්තියක් බැ`ද ආවරණය කර තිබුනි. මේ කිසිවක් වෙනුවෙන් විරෝධයක් නොදැක් වූ නමුත් උත්සව දිනට පැමිනෙන දෙමාපියන් පුෂ්පෝපහාරය ස`දහා ස්මාරකය වෙත ගොස් එම පටු පියගැටපෙල දිගේ නැවත ආපසු පැමිනීමේ දී අති විය හැකි අනතුරු මෙන්ම දැඩි අවහිරතාවයන් ද සැලකිල්ලට ගනිමින් ඊට පිලියමක් ලෙස ස්මාරකයට දකුනු පසින් තාවකාලික කුඩා පියගැටපෙලක්් සැකසීමට සංවිධායකයන්  විසින් තීරණය කර එහි ගොඩනැගීමේ කටයුතු ඊයේ (ඔක්තෝබර් 21* දින ආරම්භ කරන ලදී.

මේ අවස්ථාවේ එම ස්ථානය වෙත පැමිනි ප‍්‍රසාද් පෙරේරා පියතුමන් විසින් අයිතිවාසිකම් පිළිබ`දව ප‍්‍රශ්ණයක් මතුකර මෙම ඉදිකිරීමට දැඩි විරෝධය පා ඔහු විසින් සීදුව පොලීසිය වෙත ගොස් කරනු ලැබූ පැමිනිල්ල මත මෙහි සංවිධායකයන්හට පොලීසි යාමට සිදුවූ අතර, පොලීසිය විසින් එම ඉදිකිරීම් තවකාලිකව නතර කිරීමට නියෝග කරන ලදී. එ් හේතුවෙන් අවුරුදු 11 ක් තිස්සේ පරිහරනය කළ ෙදාරටුව අහිමිවීම නිසා ඊට විකල්පයක් ලෙස දෙමාපියන්ගේ පහසුව ස`දහා ගොඩනැගීමට ගිය තාවකාලික පියගැටපෙල ගොඩනැගිමට නොහැකිව තිබේ.
දේශපාලනික මෙන්ම ආගමික සමාජය ඇතුළු බොහෝ දෙනා අතුරුදහන්කරවීම් පිලිබ`දව ඇති මතකය අමතක කර තිබියදී වසරකට එක් දිනක වරුවක කාලයක පැවැත්වෙන මෙම උත්සවය පැවැත්වීම සම්බන්ධව එතුමාගේ ඇති නොකමැත්ත පසුගිය දෑ අවුරුදු කාල සිමාව තුල කෙරුනු කි‍්‍රයාකාරකම් තුලින් මනාව පැහැදිලි වී තිබේ.

ලංකාවේ අතුරුදහන්වුවන් සිහිකිරීම පිනිස ස්මාරක දෙකක් දකුණේ ගොඩනැගුනි. ඉන් එකක් පාර්ලිමේන්තු වට රවුම අසල 1999 දෙසැම්බර් 10 වන දින ඉදිවු අතර එය ප‍්‍රවීන චිත‍්‍ර ශිල්පී ජගත් වීරසිංහ අතින් නිම විය. ‘‘අහිංසකයන්ගේ ආරාමය’’ නම් වූ එම ස්මාරකය විශේෂයෙන් අඹිලිපිටියේ සිදුවූ කෲර සිසු ඝාතනය සිහිවීම පිණිස රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව ඉදිවිය. දෙවැනි ස්මාරකය කටුනායක නිදහස් වෙළද කලාපයේ ෆ්ලෝරල් ග‍්‍රීන්ස් ආයතනයේ සේවය කළ රංජිත් හා ඔහුගේ නීති උපදේශක ලයනල් සිහිකිරීම පිනිස ඔවුන් පහැරගෙන ගොස් මරා පුළුස්සා දැමුණු මෙම දේවස්ථානය අසල ඉදිවිය. එය ‘‘අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව’’ විසින් ආසියානු මානව හිමිකම් කොමිසමේ සහයෝගය ඇතිව 2000 පෙබරවාරි 04 වන දින විවෘත කරන ලද අතර එය ප‍්‍රවීන චිත‍්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවරගේ මූර්ති නිර්මාණයක් විය.

අතුරුදහන්වුන් සිහිකර ඉදිකෙරුනු මෙම ස්මාරකයන්ගෙන් අනාගතය වෙනුවෙන් අද ඉතිරිවී ඇත්තේ සීදුව ඉදිකර ඇති මෙම ‘‘අතුරුදහන්වුන්ගේ සිහිවටනය’’ පමනි. මිලියන 4 කට වැඩි වියදමක් දරා රජය විසින් පාර්ලිමේන්තු වටරවුම අසල ඉදිකර ඇති අහිංසකයන්ගේ ආරාමය එම ස්ථානය සොයාගැනීමට නොහැකි වන ආකාරයෙන් වල්බිහිවී ඇති අතර අද එය එ් ආසන්නයේ මල්පැල විකුණන වෙළෙන්`දන්ගෙත් මල්පැල මිලදී ගන්නට එන පාරිභෝගිකයන්ගෙත් පොදු වැසිකිලියක් වී ඇති බව පසුගියදා රාවය පුවත්පත මගින් හෙළිදරව් කර තිබුනි.
අහිංසකයන්ගේ ආරාමයට කළා මෙන් මෙම සිහිවටනයත්, ලංකාවේ අතුරුදහන්වූවන්ගේ ප‍්‍රශ්ණයත් මතකයෙන් ඈත්කර තැබීමටත්, එ් සම්බන්ධව ගොනුවන කි‍්‍රයාකාරීත්වය මෙවැනි කි‍්‍රයාමාර්ග තුලින් අඩපන කිරිමට කිසිවෙකු කල්පනා කරන්නේ නම් එය එ් තැනැත්තාගේත් ඔහු පිටු පස සිටින්නන්ගේ මනෝ විකාරයක් පමණක් වීමට ඉඩ තිබේ. විවිධ තර්ජන, බියගැන්වීම්, බාධා කිරීම් මැද 1991 වර්ෂයේදි 17 දෙනෙකුගේ මූලිකත්වයෙන් ඇරඹි මෙම ගමන 21 ක් වසරක් තිස්සේ අඛන්ඩව අපට ඉදිරියට ගෙනයාමට සිදුව ඇත්තේ එදා සිදුවූ අතුරුදහන්කරවීම් වලට තවමත් විස`දුම් ලබා නොදීමත් ඉන් පසුවත් නැවතත් එ් ආකාරයේ අතුරුදහන්කරවීම් මෙරට තුළ ආරම්භවීමත් නිසාය.
අපිට බාධා කරන අයගෙන් අප ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටින්නේ ඔබගේ වටිනා කාලය ඉඩකඩම්, ගොඩනැගිලි, යාන වාහන, තාප්ප, කොන්කී‍්‍රට් වලට පමණක් සීමා නොකර ලංකාවේ බරපතල සාමාජ ප‍්‍රශ්ණයක්ව පවතින අතුරුදහන්වූවන්ට සාධාරණය ලබාදීමටත් නැවතත් අතුරුදහන්කරවීම් වැලැක්වීමට සුලූ කාලයක් හෝ වෙන් කරන ලෙසයි. අඩුම වශයෙන් එ් සම්බන්ධව කටයුතු කරන අයට බාධා නොකරන ලෙසයි. එමෙන්ම 1990 දී අප අතරින් වෙන් වූ මෙම ස්මාරකය පිටුපස කදුළු බිත්තියේ ඡුායාරුප තැන්පත්කකර ඇති සමාජ ප‍්‍රශ්ණ වෙනුවෙන් හා අසරන මිනිසුන් වෙනුවෙන් සැමදා පෙනී සිටි මයිකල් රොද්‍රිගු පියතුමාත් පසුකාලීනව අතුරුදහන්වු ජූලියන් පියතුමා ඇතුලූ පියතුමන් සිහිකර ඔබටත් අයිතියක් ඇති මෙම ස්මාරකය වෙත පැමිණ ඉටි පහනක් පුජා කරන ලෙසයි.

පිලිප් දිසානායක
21.10.2011