රන්කා වෙතින් දිවා ,රාත්‍රී සඳහා ප්‍රනීත කෑම වේලක්

0
482

DSC_0230 copy new

ඒකාකාරී දෛනික රටාවෙන් හෙම්බත්වී සිටින ඕනෑම කෙනෙකුට සිය විඩාව නිවා දැමීමට එක් රාත්‍රී ආහාර වේලක් වුව සමත් විය හැකි නොවේද ?  එය එතරම් ප්‍රනීත මෙන්ම , ප්‍රබෝධමත් නම්?
ආහාර පාන  අපගේ මිතුරන් බව ඔබ කෙදිනකවත් සිතා නැතව ඇති.
මොහොතකට ඔබ සිතුවහොත් ඉන්දියානු හෝ පකිස්ථානු ආහාර වේලකට අපගේ රාත්‍රී ආහාරය මෙන්ම පවුලේ සතුටත් මුසුකරගත් සුන්දර මොහොතක් උදාකර දිය හැකියි කියා. එසේ නම් එම සිතිවිල්ල සැබෑකරගන්න
කටුනායක 18 කණුව මංසන්දියේ පිහිටා ඇති රන්කා පවුලේ අවන්හල ( Ranka Family Restaurant ) වෙත පිවිසෙන්න.
සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා  රන්කා පවුලේ අවන්හලෙන් ඉන්දියානු ක්‍රමයට හා පකිස්ථානු ක්‍රමයට  ආහාර වර්ග ඔබ වෙනුවෙන් එහිදී පිලියෙල වෙයි.
මීගමුව හා කටුනායක ආශ්‍රිතව , එකම ස්ථානයකින් අපට ලබාගැනීමට දුලබ චපාති වර්ග ,නාන් රොටි , තෝසේ වර්ග මෙන්ම ඉන්දියන් ක්‍රමයට  පිසෙන  ඉදිආප්ප ,බිරියානි ,පුරි,නාන් රොටි සියලුම ආකාරයේ පකිස්ථානු කරි වර්ග මෙහිදී පිසිනු ලබයි.
තෝස,  වඩේ මෙන්ම ඒවා සඳහා විශේෂිත සම්බෝල හා කරි, විශේෂ ඇසුරුමක බහා අලංකාරව පිළිගැන්වෙයි.
මෙම ආහාර වර්ග පිසීමට, උළුදු පිටි,කඩල පිටි, ඉන්දියානු පරිප්පු, හාල් පිටි, ගිතෙල් යොදා ගැනේ. එමෙන්ම ආහාර රසගැන්වීමට දුලභ කුලු බඩු වර්ග ද භාවිතා කරයි.
මෙම රස සමග පිළිගන්වන  වඩේ හා තෝස ඉන්දියානු හා පකිස්ථානු ජාතික සූපවේදීන් දෙදෙනෙකු අතින් උණු උණූවේම  සැකසෙන ආකාරය ඔබට දැකගැනීමට හැකිවන අතර  පිසතබා කල්ගතවූ ආහාර වෙනුවට එවෙලේම තෙලට දමා බැදෙන වඩ හා එවෙලේමතාච්චුවේ දමන තෝස, පරාටා , ඔබේ ආහාරයට ලබාගත හැක.
රොටි හා නාන් වර්ග ද එවෙලේම සාදා දෙන අතර ඒවාටද විවිධ වෑංජන වර්ගද පිළිගන්වනු ලබයි.

පකිස්තානු ආහාර ඝනයට අයත්වන පරාටා වලට, ෆැමිලි  පරාටා,  හා ප්ලේන් පරාටා ඇතුළත්ය. චපාති රොටි  මසාලා චපාති හා ප්ලේන් නාන් ද,ගී නාන්  හා සුදුලූනු නාන් ඇතුළු චිකන් කඩායි ( කරිය) සීෆූඩ් කඩායි,ෆිෂ් කඩායි මෙන්ම තවත් පකිස්තානු ක්‍රමයට සාදන කරි වර්ගද වේ.  මසාලා වර්ග හා පූරි රොටි ,චපාති වර්ග ද වේ.
රන්කා ආයතනය ආහාර නිෂ්පාදනය ආරම්භ කර වසර 11 ක් පමණ වන අතර මේ ආකාරයේ ඉන්දියානු හා පකිස්ථානු ආහාර පාරිභෝගිකයන් වෙත පිරිනැමීමේ  අලුත් අදහස එහි අධිපති බුද්ධික මහතාගේය.
මෙරටට පැමිණෙන විදේශීය ජනයා වැඩි වශයෙන් ගැවසෙන ප්‍රෙද්ශයක්  වන කටුනායක මෙන්ම මීගමුව අතරදී  මේ ආකාරයට  ඉන්දියානු හා පකිස්ථානු ආහාර රසවිඳීමේ අවස්තාව ඔවුන්ට ද සැලසී ඇත.
එමෙන්ම ඒකාකාර ආහාර රටාවකින් හෙම්බත්වූ චයිනීස් සංස්කෘතියකින් වැසි ඇති රාත්‍රී ආහාර සංස්කෘතියකට රන්කා  වෙතින් පිදෙන මෙම ඉන්දියානු හා පකිස්ථානු ආහාර වර්ග ගෙන එන්නේ සැබෑම වෙනසකි. ආහාර පිළිබඳව නැවුම් අත්දැකීමකි.
රන්කා ආයතනයට  දුරකථනය මගින් කතාකොට  ආහාර ඇනවුම් කරන්නට  දැන් ඔබටත් හැකියි.  ඔබ රන්කා ආයතනයේ ඇති ලියාපදිංචිවීමේ පත්‍රිකාවේ ඔබගේ තොරතුරු සඳහන් කර  ලියාපදිංචි අංකයක් ලබා ගන්න.
දුරකථන අංක –  0114963232
0112255611
email – rankafood@sltnet.lk

DSC_0229nnvvv

DSC_0214newwadenew

wade2
DSC_0223new

DSC_0206new
වැඩිදුර තොරතුරු හා මිළ  ගණන් සඳහා පිවිසෙන්න
http://2014donfoodcity.blogspot.com/

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here