රන්ජන්ගේ ස්ත්‍රින් ගැන ලංසා කලබල වෙයි ! කථානායකටත් ලියයි ?

0
183

Ranjan R 1පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක සිය ස්ත්‍රි මිතුරියන් මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රි නිවාස සංකිර්ණයට කැදවා තිබිම ගැන කලබල වි ඇති රාජ්‍ය ඇමති නිමල් ලංසා මහතා මාදිවෙල ගණිකා මඩමක් පවත්වාගෙන යෑමට ඉඩ දිය නොහැකි යැයි කියමින් කතානායකවරයාට චාචිකව මෙන්ම ලිඛිතවද ප්‍රශ්ණය මතුකරන බවට මහා ඝෝෂාවක් නගා ඇති අයුරු මව්බිම විසින් වාර්ථා කොට තිබුණි.එම පුවතේ මෙසේද සදහන් ව තිබුණි.

මේ අතර නිමල් ලංසාගේ  පියාට එරෙහිව මිගමුව තුල ඇති ප්‍රධානතම චෝදනාවලින් එකක් වන්නේද ගණිකා මඩම් හා සම්භාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම පිළිබදවය.
මේ සම්බන්ධයෙන් එකල ප්‍රදේශයේ කතෝලික පල්ලිය විසින්ද දැවැන්ත විරෝධතාවයක්ද සංවිධානය කොට තිබුණි.
කෙසේ වෙතත් රන්ජන්ගේ මේ ස්ත්‍රී සම්බන්ධකම් ගැන වැඩියෙන්ම කලබලයට පත්ව ඇති තැනැත්තා නිමල් ලංසා විමද විශේෂත්වයකි.