‘රන්ජන් අත්අඩංගුවට ගැනීම මුලික අයිතිවාසිකම් කඩකිරීමක්’ -කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ කියයි

0
95

Ranjan-2020.01.04

රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‘අදහස් දක්වා ඇති කලම්බු ටෙලිග්‍රාෆ්’ කර්තෘ ජේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය, යම් යම් පොලිස් නිලධාරීන් විසින් ලබා දුන්නාය කියන තොරතුරු ගබාඩකළ ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩා සෙවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ නිවාස පරික්ෂා කිරීමත් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනීමත් සම්පූර්ණයෙන්ම මුලික අයිතිවාසිකම් කඩකිරීමක් මෙන්ම අකටයුතු නාදකයින්ගේ ආරක්‍ෂාවටත් (විස්ල්බ්ලෝවර් ප්‍රොටෙක්ශන්) තර්ජනයක් බව අවධාරණය කර සිටියි.

සිය FB පිටුවේ සටහනක් තබමින් ඔහු එබව සඳහන් කර ඇත. එම සටහනේ මෙසේද දැක්වේ.

”මිනිස්සුන්ට ප්‍රශ්ණ ඇතිවෙනකොට සාමාන්‍යයෙන් ඒව කියන්නෙ ජනමාධ්‍යවේදීන්ට හා මහජන නියෝජිතයින්ට. ඒ තොරතුරු ගබඩාකරල තියාගැනීම ඒ අයගේ අයිතියක්. රන්ජන්ගෙ ගෙදර සෝදිසි කරන්නෙ ඔහුට යම් යම් පොලිස් නිලධාරීන් විසින් ලබා දුන්නාය කියන තොරතුරු ගබාඩකරපු ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩා හොයන්න.

මේක සම්පූර්ණයෙන්ම මුලික අයිතිවාසිකම් කඩකිරීමක් ඒවගේම අකටයුතු නාදකයින්ගේ ආරක්‍ෂාවටත් (විස්ල්බ්ලෝවර් ප්‍රොටෙක්ශන්) තර්ජනයක්.

Gota Av 2020.01. 4
මේ කරන්න හදන්නෙ ආණ්ඩුවේ වැරදි මාධ්‍යවේදීන්ටයි/ මහජන නියෝජිතයින්ටයි ලබදෙන එක වලක්වන්න මහජනයා වගේම අකටයුතු නාදකයින්ව බියට පත්කරන එක. මේක හෙලා දැකිය යුතුයි පක්‍ෂ බේදයකින් තොරව.

ඒත් අත්අඩංගුවට ගන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රීලට දෙන පිස්තෝලෙ බලපත්‍රය අලුත් කරල නැති එකට අහුවෙන එකට. එක වෙන කේස් එකක්. ඒක වෙනම විසඳගන්න ඕනෙ.

හැබැයි ගෝටව ගන්න නිතිපති දෙපාර්තමේන්තුව නිර්දේශකරෙත් ගිණි අවි ආඥා පනත යටතෙ ඇවන්ගාර්ඩ් එකේ තිබ්බ ලයිසන් නැති ගිණි අවි වලට. ඒක නැවැත්තුවෙ රනිල්! ”
Screen Shot 2020 01 04 at 8.25.17 PM
මුලාශ්‍රය – theleader.lk